Colombo Today Local News

අයවැයෙන් දේශීය කිරි ගොවියාත් හාන්සියි… කිරි වැස්සක් වස්සවා කිරි ගොවියෝ විරෝධයේ

මෙවර අයවැයෙන් දේශීය කිරිපිටි මිල පහත හෙළීමට විරෝධය පාමින් කිරි ගොවීන් පිරිසක් ඊයේ නුවරඑළිය නගරයේදී විරෝධතාවක නිරතවූවා.

දියර කිරි ලීටර් දස දහසක් නගර මධ්‍යයේ හලා දමමින් මෙසේ විරෝධතාවක නිරත වූවේ දේශීය කිරිපිට මිල පහත‍ හෙළිම නිසා එම සමාගම් කිරිපිටි නිශ්පාදනය පහළ දමා ඇති බැවින් තම දියර කිරි මිලදී නොගන්නා බව පවසමින් ඊට විරෝධය දැක්වීම සදහායි.

කිරි ලීටරයකට රුපියල් 70 ක මුදලක් රජය මගින් ලබාදුන්න ද මිල පහත හෙළීම නිසා තම දියර කිරි නිෂ්පාදන අලෙවිකරගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද සඳහන් කළ උද්ඝෝෂකයින් දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීමට රජය පියවර ගත යුතු බව එහිදී අවධාරණය කළා.

Related posts

“සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් ධාවනය නතර කරනවා” – ගැමුණු විජේරත්න කියයි

colombotoday

රනිල්ට ඉල්ලා අස්වෙන්නැයි චම්පික කියයි !

colombotoday

සුපර් ඩීසල් නෞකාවේ තොග ගොඩබෑම අද | ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ඇරඹේ

colombotoday

නියම වෙලාවට උකුසු ගැහිල්ලක් මං ගහනවා !

colombotoday

දන්සල් දෙනවනම් කොන්දේසි 6ක්…

colombotoday

ජනපතිගේ සමීපතමයෙක් සිරස මුල් පුටුවට !

colombotoday