Colombo Today Local News

අංගොඩ ලොක්කාගේ ඥාතීන්ගෙන් DNA සාම්පල ගනී

මද්දුමගේ ලසන්න චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ මව සහ සහෝදරිය රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර DNA සඳහා අවශ්‍ය අදාළ රුධිර සාම්පල ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව එම රුධිර සාම්පලවලින් ලබා ගන්නා DNA රටා ඉදිරියේදී ඉන්දියානු බලධාරීන් වෙත යැවීමට නියමිතය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසූවේ ඒ අනුව අදාළ මරණය සනාථ කරගැනීමට හැකියාව ලැබෙන බවය.

ඉන්දියාවේදී මියගිය බවට තොරතුරු වාර්තා වූ අංගොඩ ලොක්කාගේ මරණය සනාථ කිරීම සඳහා ඔහුගේ මවගේ සහ සොහොයුරියගේ DNA සාම්පල ලබා ගැනීම සඳහා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව කළුතර අධිකරණය විසින් අදාළ DNA සාම්පල සඳහා රුධිර සාම්පල ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය ලබාදුනි.

කළුතර, එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන්නේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංගොඩ ලොක්කා ය.

එම ප්‍රහාරයට විවිධ පුද්ගලයින් සම්බන්ධවී ආධාර අනුබල දී ඇති බවට මේ වනවිට විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර පුද්ගලයින් 21ක් විවිධ අවස්ථාවලදී අත්අඩංගුවටගෙන විමර්ශන සිදුකර තිබුණි.

මෙම සිද්ධියට අදාළව සැකකෙරෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු දැනට විදේශගතව සිටින බවද අජිත් රෝහණ මහතා පැවසීය.

දිනමුල්ල කංකානම්ගේ නලීන් චතුරංග නොහොත් ලඩියා නැමැත්තා සහ අසන්ත කුමාර හේරත් නොහොත් ලැටී යන සැකකරුවන් දෙදෙනාට එම චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් දෙදෙනාට මේ වනවිටත් රතු නිවේදන නිකුත් කර තිබේ.

Related posts

අයියනාර් පුරම් සහ බැරිස්ටර් නෙයින මරික්කාර්ගම ජනතා අයිතියට

colombotoday

බසයක් ත්‍රිරොදයක ගැටී 17ක් රෝහලේ…

Admin

පොලිසියේ ලොකු පුටු රැසක බල වෙනසක්

Charith Sankalpana

පරිප්පු මිළ ඉහළට !

colombotoday

මර්වින් ජානාගේ කුඩු සල්ලි මාස එකොලහක් තුළ හුවමාරු වූ හැටි

colombotoday

ආරක්ෂාව තහවුරු නෑ.. සිංහල සිසුන් කිසිවෙකුත් නැවත නොයයි.. යාපනය සරසවියට හමුදා ආරක්ෂාව ඕනෑ

colombotoday