Colombo Today Local News

කන්ටේනර් තුල සැගව තිබූ මහා පරිමාණ වාහන ජාවාරමක තතු හෙළිවෙයි

අමතර කොටස් ලෙස හඟවා මෙරටට වාහන ගෙන්වන ජාවාරමක් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශය පවසයි.

ඒ, පසුගිය වසරේ පෙබරවාරී මාසයේදී මෙරටට ගෙන එන ලද කන්ටේනර් 4 ක් කොළඹ වරායේ සීඅයිසීටී පර්යන්තයේදී ඊයේ (08)දින විවෘත කළ අවස්ථාවේදීයී.

එහිදී අනාවරණය වී ඇත්තේ එම කන්ටේනර් 4 න් 3 ක සුඛෝපභෝගී කේ. ඩී. එච්. වර්ගයේ වෑන් රථ ඇතුළු වාහන 9 ක් මෙන්ම, ඊට අදාළ උපාංග ඇතුළත් බවයි.

අනෙක් කන්ටේනරයේ වාහන එංජින් ඇතුළු අමතර කොටස් ඇතුළත් බව රේගුව සඳහන් කළේ ය.

රේගුව පැවසුවේ, අමතර කොටස් ලෙස සඟවා මෙලෙස ගෙන්වා ඇත්තේ සම්පූර්ණ වාහන 9 ක කොටස් ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බවයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ වාහන එකලස් කරන සමාගමක් මෙම වාහන මෙරටට ගෙන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර, තවදුරටත් විමර්ශන සිදුකරන බව රේගුව සඳහන් කළේ ය.

රේගුව පැවසුවේ, මෙම ජාවාරම හේතුවෙන් රජයට ලැබීමට නියමිත විශාල බදු ආදායමක් රජයට අහිමි වීමට ඉඩ තිබූ බවයි.

මෙම ආනයනකරු මීට පෙර අවස්ථා රැසකදීම මෙලෙස වාහන ගෙන්වා ඇති බවට ද තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි රේගුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට

colombotoday

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

colombotoday

චීන රජයෙන් ආරාධනයක්.. හිටපු ආරක්ෂක ලේකම් චීනය බලා පිටත්ව යයි

colombotoday

පරීක්ෂණ මට්ටමේ පවතින කොවිඩ් මර්දන කරල් ගෙන්වීමට නිර්දේශ ඉල්ලයි

colombotoday

“උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම මගේ යුතුකමක්“ – ජනපති

colombotoday

රට ගොඩනැගිය හැක්කේ මහජන අරගලයකින් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

colombotoday