ඉකුත් සතිය තුළදී ගෝලීය ආසාදිතයන් සියයට 17කින් පහළ බැස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (10)දින අනාවරණ කළේය.
ආසාදිතයන් පහළ බැසීමේ වැඩිම ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේ අප්‍රිකානු මහද්වීපය බව එම සංවිධානය වැඩිදුරටත් පැවසුවේය.
ආසාදිතයන් පහළ බැසීමේ අඩුම ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේ නැගෙනහිර මධ්‍යධරණී කලාපය බව ද ඔවුන් සඳහන් කරයි.
මේ අතර අද වන විට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 107,411,435 ක් ලෙස වාර්තා වේ.
වසංගතයෙන් සිදුවූ සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව 2,351,192 කි.