Colombo Today Local News

කැනඩා මහකොමසාරිස් සහ විදේශ ඇමති අතර හමුවක්

කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් සහ මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.

එම හමුව ඊයේ (08)දින පවත්වා ඇත.

මෙරට විදේශ අමාත්‍යවරයා කැනඩා මහකොමසාරිස්වරයා සමග ජිනීවා මානව හිමිකම් කවුන්සිල 46 වැනි සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත යැයි පැවසෙන යෝජනාව සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාව දැනට සිදු කරමින් යන ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් ධනාත්මක කරුණු දෙපාර්ශවය අතර සාකච්ඡා වී නැතැයි ද එම තානාපති ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසියේදී ලංකාවට එරෙහි යෝජනාවට විරුද්ධව පකිස්තානය ඉදිරිපත් වී ඇතැයි විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා.

Related posts

ඖෂධ ආනයනයට ඩොලර් මිලියන 16ක් මහා භාණ්ඩාගාරයෙන් මුදාහරි

colombotoday

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ධූරයේ වැඩ භාර ගනියි

colombotoday

ව්‍යවස්ථා කෙටුම්පත ඉක්මනින් විවාදයට ගන්නා බව විදේශ ඇමති බ්‍රිතාන්‍යයේදී පොරොන්දු වෙයි

colombotoday

කොටස් වෙළෙඳපොළ ඒකක 99.49කින් ඉහළට

Admin

උදයංගව නිදහස් කල බව අපි දන්නෑ.. ඔහුව අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැව්වා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි කියන්න, TNA මහා නාහිමිවරු හමුවෙන්න යයි !

colombotoday