Colombo Today Local Newsextremism & terrorism activities

මාලිගාවත්ත සුෆි සොහොනක් මුස්ලිම් මන්ත්‍රීගේ මුලිකත්වයෙන් කඩා බිඳ දමයි. සුෆි මුස්ලිම්වරුන්ගෙන් දැඩි විරෝධයක්.

කොළඹ මහා නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ඉක්බාල් මහතා විසින් පසුගියදා ජනමාධ්‍ය වෙත මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේ ඉතා පැරණි සුෆි සොහොන් මණ්ඩපයක් හා ඒ අවට ඇති මුස්ලිම් ශාන්තුවරුන්ගේ සොහොන් පළක සම්බන්ධයෙන් හෙලිදරව්වක් සිදු කර සිටියා.

එම අනාවරණයත් සමග දැඩි ලෙස කැළඹි ඇති අන්තවාදීන් කණ්ඩායමක් විසින තව අවුරුදු 10 කින් පමණ වසර 100 ක් සම්පුර්ණ වූ පුරාවස්තුවක් බවට පත්විමට නියමිත තිබු මාලිගාවත්ත මුස්ලිම් සුසාන භුමියේ තිබු යේමන් ජාතික සෙය්යද් අහමිද් ඉබ්නු අස් සෙය්යද් අබ්බාස් බා අලවි නම් සුෆි ශාන්තුවරයාගේ සොහොන් පලකයක් ඉවත්කර ඇති බව ප්‍රදේශයේ සුෆි මුස්ලිම් ජනතාව සඳහන් කර සිටියි.

මාලිගාවත්ත නාගරික මන්ත්‍රී නව්ෆර් විසින් සුසානභුමියේ සේවකයින්ව බිය ගන්වා මෙම අන්තවාදී ක්‍රියාව සිදුකර ඇති බවට එම ජනතාව චෝදනා කර සිටියි.

මේ සදහා ඔහුට සහය දක්වා ඇත්තේ කොළඹ මහ පල්ලියේ අන්තර් වක්ෆ් සභාවේ සමාජික නීතිවේදී නද්වී බහුඩීන් බවයි වැඩිදුරටත් ඔවුන් සඳහන් කර සිටින්නේ.

කොළඹ මහ පල්ලිය යනු සුෆි මුස්ලිම්වරුන්ට අයත් දේවස්ථානයකි. මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමිය එම දේවස්ථානය යටතේ පාලනය වන සුසාන භූමියකි.

කොළඹ මහ පල්ලියේ පාරිපාලනය පාර්ලිමේන්තු සංස්ථාගත පනතට අනුව සිදු වන්නේ අන්තවාදීන් එහි පාලනය බලය ඩැහැගනී යන හේතුව මතයි.

අදාළ පාරිපාලනය යටතේ දුෂණ වංචා සිදුවුවා යැයි පවසමින් එනම් “පල්ලිය අයත් ඉඩම්වල සුරාසැල් සඳහා ලබා දීම සහ ඉඩම් එවා විකිණීම” යන චෝදන ඉදිරිපත් කරමින් වක්ෆ් සභාවට පැමිණිල්ලක් මාලිගාවත්ත “නිහාර්” නම් ත්‍රිරෝද රථ රියදුරකු හරහා ඉදිරිපත් කිරිමත් සමග මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ වක්ෆ් සභාව විසින් පාර්ලිමේන්තු සංස්ථාගත පාරිපාලන නීති සිමාවට එහා යමින් අතුරු පාරිපාලනයක් අවුරුදු පහකට උඩදී පත් කර තිබේ. එය නීති විරොදී ලෙස පත්කරන ලද කමිටුවක් ලෙස සුෆි මුස්ලිම්වරු හඳුන්වයි.

එම කමිටුවට “ත්‍රිරෝද සීසර්” රිල්වාන්ගේ සොහයුරා වු ත්‍රිරෝද රථ රියදුරු “නිහාර්” නැමැත්තා මුස්ලිම් දෙපාර්තමේන්තුවේ වක්ෆ් සභාව විසින් පත් කර තිබේ. සීසර් රිල්වාන් නාදුනන තුවක්කරුවකුගේ වෙඩි පහරකින් නාලන්දා විදුහල් අසලදී ජිවිතක්ෂයට පත්විය. එය පාතල ගැටුමක් යැයි කියවේ.

සත්‍ය වශයෙන්ම කොළඹ මහ පල්ලියේ නිලධාරීන් දුෂණ වංචා සිදු කලාද ? එසේනම් සිදු වුයේ කුමක්ද ? දැනගන්නට ලැබෙන පරිදි සිදුව ඇත්තේ මෙයයි. එනම් කොළඹ මහ පල්ලියේ සිටි ඇතැම් පාරිපාලකයන්ව බිය ගන්වා එකල මාලිගාවත්ත පාතාල කණ්ඩායම් විසින් මහ පල්ලි දේපල සඳහා හොර ඔප්පු සාදමින් විකුණා දමමින්ද සුරාසල් දමමින්ද කප්පම් ගනිමින්ද ඔවුන්ගේ ගෝලබාල සහචරයන්ට නිවෙස් ඉදිකර දිමට කටයුතු සලස්වමින්ද වංචාවන් කර ඇත. දැනට මෙම වංචාවන් සිදු කල පාතල කෙරුමන්ද මෙම සුසානයේම භුමදානය වි ඇත.

මාලිගාවත්ත පාතලයේ ගොඩ්ෆාදර්ලා

එහි ප්‍රධාන දුෂණය වනුයේ එක්තරා පෞද්ගලික ආයතනයකට විකුණු බේස්ලයින් පාරේ ඉඩමයි. ඒ සම්බන්ධව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවති.

අදාළ ඉඩම විකුණා දැමිම සදහා කොළඹ මහා නගර සභාව පැත්තෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී ඇත්තේ පාතල අනුහසින් දේශපාලනයට ආ නව්ෆර් නැමැත්තා බවයි සුෆි මුස්ලිම්වරුන් සඳහන් කර සිටින්නේ. ඔවුන්ට අනුව නව්ෆර් යනු මාලිගාවත්ත පාතලය විසින් බෞතීස්ම කරන ලද කොළඹ මහා නගර සභාවේ නාගරීක මන්ත්‍රීවරයෙකි.

නව්ෆර්

නව්ෆර් ඔවුනට කියා ඇත්තේ දේහයන් භුමදානය කිරිම සදහා ඉඩ මදි නිසායි මෙය කඩා බිම දමන බවයි. එය අසත්‍ය ප්‍රකාශයකි. අවුරුදු 100කට ආසන්න වෙමින් පවතින සුෆි ශාන්තුවරයාගේ සොහොන් පළකය කඩා දමන නව්ෆර් ඔහුගේ ගොඩ් ෆාදර්ලා වු මාලිගාවත්ත මිනීමරු පාතල නායකයින්ගේ සොහොන් පළක ගලවා ඉවත් කර නැත.

දැන ගන්නට ඇති පරිදි මෙම සොහොන් පළක කඩාබිඳ දමා සමතලා කර ඇත්තේ රථ ගාලක් සදහාය යැයි කියවේ. ඒ සදහා ගැනුම්කරුවන් ලබා දී ඇත්තේ කොළඹ මහා නගර සභාවේ නාගරික රථවාහන සම්බන්ධව කමිටුවේ මන්ත්‍රීවරයෙකු විසිනි.

හාස්‍යජනක කරුණ නම් එම ගාල සොහොනට එන පිරිස් සදහා නොව අවට තිබෙන පෞද්ගලික ආයතනවල වාහන ගාල් කර ආදායම් ඉපැයිමට විමත් හා හොරු අල්ලන්න ආ අතුරු පාලක කමිටුව මේ දක්වා හොරු අල්ලා නැත.

මෙම ස්ථානයේ පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම්කළ සොහොන් මණ්ඩපයක් තිබෙන ස්ථානයකි. එසේ නම්කළ ස්ථානයක් සංවර්ධනය කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතුව ඇත. එලෙස අවසරයක් ගත් බවක් මෙතෙක් වාර්තා වී නොමැත.

එමෙන්ම කොළඹ මහ පල්ලියට අයත් මාලිගාවත්ත සොහොන් භුමිය එවක සිටි මුස්ලිම් නායකයින් පාරිත්‍යාග කර භාරකර (වක්ෆ්) ඇත්තේ සිරුරු භුමදානය කරන සොහොන් සදහා පමණකි. එම නිසා මෙමම් ක්‍රියාව නීති විරෝධී ක්‍රියාවකි. මෙවැනි නීති විරෝධී ක්‍රියා හමුවේ මුස්ලිම් දෙපාර්තමේන්තුව ඇස් කන් වසා සිටිම පුදුමයට පත්විය යුතු කරුණක්ද නොවේ. මන්ද ඔවුන් මෙවැනි අන්තවාදී ක්‍රියා හමුවේ නිහඩ වි සිටිම ඔවුන්ගේ අන්තවාදී ප්‍රතිපත්තියක් බැවිනි.

අන්තවාදී වාමි සංවිධානය රටපුරා මෙවැනි සොහොන් කොත් කඩා බිද දැමු බව පාස්කු ප්‍රාහාරයෙන් පසු සුෆි මුස්ලිම්වරුන් හෙළිදරව් කල කරුණු වලින් අනාවරණය විය. ඒ සදහා අන්තවාදී වාමි සංවිධානය විශාල අරමුදල් පල්ලි මද්‍රරාසා ගොඩනගන මුවාවෙන් සන්තොෂම් වශයෙන් අන්තවාදීන්ට පාරිත්‍යාග කර ඇත.

අවසාන වශයෙන් මෙහිදී ගම්‍ය වනුයේ අන්තවාදීන් වංචා හා දුෂණ යන සටන්පාඪය ඉස්සරහට දමමින් කොළඹ මහ පල්ලියේ බලය අත්පත් කර ගන්න වක්‍රාකාරයෙන් ඉහ්වාන් පන්නයේ චින්තන මතවාද ජිහාදයක් ඉතාමත් සුක්ශම සැලසුමක් තීරය පිටුපස සිට ක්‍රියාත්මක කර ඇති බවටය.

හක් සුෆි විසිනි

Related posts

මැතිවරණ කොමසාරිස් ජනරාල්ටත් කොවිඩ්

colombotoday

සතොසටත් සුරා බලපත්

colombotoday

ජනපති අපේක්ෂක ලෙස මෛත්‍රීට පොහොට්ටුවේ පළාත් සභා මන්ත්‍රි සහාය නෑ

colombotoday

පොළොන්නරුවේ ඉපැරණි මානව ජනාවාසයක්

Admin

මහ ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ වාහන 132ක් ගල් කරති !

colombotoday

ඉන්ධන ඉල්ලා ගොවි මහතෙකු ගසක් උඩ මාරාන්තික විරෝධතාවක.

colombotoday