Colombo Today Local News

සිරකරුවන් 11,000ක් නිදහස් කර අවසන්

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි 11,000කට අධික පිරිසක් මේ වන විට නිදහස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි.

ලබන වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් තවත් රැඳවියන් පිරිසක් නිදහස් කිරීමට කටයුතු කරන බව ඔහු පවසයි.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

තමා අමාත්‍යාංශය භාරගන්නා විට රැඳවියන් 30,000කට අධික ප්‍රමාණයක් සිටි බවත් සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත පිරිස මේ වන විට 18,000ක් දක්වා අවම කරගෙන ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“රැඳවා ගතහැකි රැඳවියන් ගණන 12,000ක්. නිදහස් දිනයේ දීත් 167ක් අපි නිදහස් කළා. ජනාධිපති සමාව යටතේ. ඒ වගේම සිව් අවුරුදු සමාලෝචනය කියලා නීතියක් තියෙනවා. ඒ නීතිය පසුගිය කාලයේ නවත්තලා තියෙනවා. මරණ දණ්ඩනය නියම වු සිරකරුවන් ජීවිතාන්තය දක්වා අඩු කරන්නත්,ජීවිතාන්තය දක්වා වු සිරකරුවන් අවුරුදු 20ට අඩු කරන්නත් ඒ සිව් අවුරුදු සමාලෝචනය යටතේ සිදුකරන්න පුළුවන්. ඒ අනුව හැසිරීම අනුව අවුරුදු 15 – 16ක් ගත වු සිරකරුවන්, අවුරුදු 65ට වැඩි සිරකරුවන් නිදහස් කිරීමේ හැකියාව ලැබෙනවා. විශ්වාස කරනවා ජනාධිපතිවරයා වෙසක් දිනයට පෙර මෙම සිව් අවුරුදු සමාලෝචනය ලබාදෙයි කියලා.“

Related posts

“අවලාද වලින් අපේ ගමන නවත්තනව බොරු.. අපි මැරෙන්න වුණත් ලෑස්තියි” – අනුර දිසානායක

colombotoday

මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් මොරටුව විශ්වවිද්‍යාලයට

colombotoday

මහජනතාව සංචරණ සීමා පිළිගන්නා බවක් පේන්න නැහැ.. රජය බලාපොරොත්තු වූ අරමුණ ඉටු වී නෑ.

colombotoday

පොල් ආශ්‍රිත කම්හල් 500ක් වැසී යාමේ තර්ජනයක

colombotoday

“දයාසිරිත් එක්ක තවත්නම් බෑ“… මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ

colombotoday

ලංකාවේ තහනම් කර තිබූ LTTE හිතවාදී සංවිධාන 8ක තහනම ඉවතට

colombotoday