Colombo Today Local News

අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කිරීමට DNA සාම්පලයක් ඉල්ලයි

ඉන්දියා‌වේදී මියගිය බවට පැවසෙන මද්දුම ලසන්න චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා සත්‍ය වශයෙන්ම ඒම පුද්ගලයාමද යන්න සනාථ කරගැනීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඉන්දීය ජාතික විමර්ශන ඒකකය මගින් ශ්‍රී ලංකාව වෙත දන්වා ඇත්තේ අංගොඩ ලොක්කාගේ සමීපතම ඥාතියාගේ DNA සාම්පලයක් ලබාගෙන එවන ලෙසට ය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවය.

කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව අංගොඩ ලොක්කා ඉන්දියාවට පළාගොස් තිබූ බවට තොරතුරු වාර්තා වූ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී ඔහු ඉන්දියාවේ කොයිම්බර්තූර් ප්‍රදේශයේදී මියගිය බවට වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සනාථ කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ව්‍යාජ හැඳුනුම්පතක් ලබා ගනිමින් ප්‍රදීප් සිං නමින් පෙනීසිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි.

Related posts

උපයෝගීතා කොමිසම විදුලි බිල අඩුකරන්න අවසර දුන්නත් මණ්ඩලය බෑ කියයි

Admin

මුළු ලොවම මවිත කළ විජයග්‍රහණයේ 07 වන සැමරුම – හිටපු ජනපතිගේ නිවේදනය

colombotoday

රට පුරා ඉන්ධන හිගයක්…

colombotoday

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 175ක ඉලක්කයක්

Admin

සබීතා පායේ තෝම්බුව හොයන්න පත්කළ කමිටුව රැස්වී ඇත්තේ එකවතාවයි….

colombotoday

මුහුදු වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin