Colombo Today Local News

73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව

අභිමානවත් 73 වන ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබේ.

නිදහස් දින සැමරුම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යවත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උ‍ළෙල කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ ඉතා චාම් අයුරින් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

යුද හමුදා නිලධාරීන් 4325 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 868 දෙනෙකු, ගුවන් හමුදා නිලධාරීන් 945 දෙනෙකු, පොලිස් නිලධාරීන් 1382 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 515 දෙනෙකු ද මෙවර සැමරුම් උළෙලට එක්වීමට නියමිතය.

සියලු ජාතීන් නියෝජනය වනපරිදි සාම්ප්‍රදායික සංස්කෘතිකාංගයන්ද මෙවර ජාතික නිදහස් දින උත්සවයට එක්කර තිබේ.

නිදහස් දිනයට සමගාමීව ජාතික රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මකවන අතර අද පෙරවරු 9.29ට යෙදෙන සුභ නැකතින් පැළයක් සිටුවා මතුපරපුර සහ පරිසරය වෙනුවෙන් තම වගකීම ඉටුකරන ලෙස රජය මහජනතාවට දැනුම්දෙයි.

73 වැනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව කොළඹ නගරය තුළ උදෑසන කාලයේ විශේෂ රථ වාහන සැලස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර 73 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 146 දෙනෙකුට නිදහස් දීමට ද නියමිතව තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ සුලු වැරදි සඳහා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිරිසක් මෙලෙස නිදහස් කිරීමට නියමිත බවය.

Related posts

වරායේ සිරවී ඇති සහල් කන්ටේනර් නිදහස් කර ගන්න ඩොලර්

colombotoday

මහියංගණයේදී වෑන් රථයක් බසයක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් මරුට

colombotoday

රෝහිණි මැතිසබයේ ගංජා ගීතයක් ගයයි

Admin

එකවර උණ්ඩ හයක් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමග දෙදෙනකු අල්ලයි

colombotoday

ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ 13 සිට

Admin

මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂය 02 වෙනිදා මාතරදී එළිදකී

colombotoday