Colombo Today Local News

ETI ඉතිරි තැන්පතු වලින් 50% ආපසු ගෙවීම හෙට අරඹයි

ස්වරණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ඉතිරි තැන්පතුවලින් සියයට 50ක් ආපසු ගෙවීම හෙට (3)දින ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඉතිරි තැන්පතුවලින් සියයට 50ක් ආපසු ගෙවීම සඳහා ස්වරණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු කොන්දේසි පදනම යටතේ ඉකුත් මස 13වැනිදා සීමිත කාලයක් සඳහා ආරම්භ කෙරුණි.

ඒ අනුව ස්වරණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනය රැස් කරන ලද තැන්පතුවලින් මේ වනවිට ගෙවා ඇති සියයට 30ක ප්‍රමාණය සහ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය යටතේ ආවරණය වන රක්ෂණ වන්දි මුදල හැර ඉතිරි තැන්පතු වටිනාකමින් සියයට 50ක් ගෙවීම හෙට (3) ආරම්භ කරන බව මහ බැංකුව කියයි.

කොළඹ 4, ආර්.ඒ. ම මෙල් මාවතේ පිහිටි ස්වරණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ප්‍රධාන කාර්යාල ශාඛාවෙන් වෙන් කරන ලද දිනවලදී උදෑසන 9 සිට පස්වරු 4 දක්වා පමණක් ආපසු ගෙවීම් කරන බව ද මහ බැංකුව සඳහන් කරයි.

Related posts

මත්ස්‍ය ආනයන වියදම් සීමා කිරීමට අංශ කිහිපයක් යටතේ සැලසුම් සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

ඉන්දියාවෙන් ගෙනා රුපියල් කෝටි තුනක අයිස් සමග දෙදෙනෙක් අල්ලයි

Admin

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Admin

“ඒක මන්දිරයක් නෙවෙයි,බංකරයක්” රජ ගෙදර භූගත බංකරය ගැන හිටපු ජනපති පහදයි.

colombotoday

ප්‍රංශයේ ඉහළම ගරු සම්මානයෙන් චන්ද්‍රිකා පුදයි…

colombotoday

තහනම නොතකයි.. පොංගු තමිල් ස්මාරකය යාපන විශ්වවිද්‍යාලයේ විවෘත වෙයි… උතුරට ස්වයංපාලනය ඉල්ලයි…

colombotoday