Colombo Today Local News

බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානයට කැබිනට් අනුමැතිය

බන්ධනාගාරවල දැනට පවතින බුද්දි ඒකකය එම කාර්යය සඳහා පමණක් සිමා නොකර සෙසු වගකිවයුතු රාජකාරි සඳහාද යෙදවිය හැකි පරිදි ප්‍රතිසංවිධානය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මේ අනුව සාමාන්‍ය බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකරනු ලබන රාජකාරිවලට අමතරව හඳුනාගත් විශේෂ රාජකාරි පැවරීමට හැකි වන පරිදි, දැනට ක්‍රියාත්මක වන බන්ධනාගාර බුද්ධි ඒකකය, ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය වශයෙන් ප්‍රතිසංවිධානය සිදුකෙරෙනු ඇති.

විශේෂ ගණයේ සිරකරුවන් ආරක්ෂා කිරීම, කැරලි මර්දනය, ආරක්ෂක රාජකාරි සිදුකිරීම වැනි කාර්යයන් සඳහා ද හැකිවන පරිදි ප්‍රතිසංවිධානය සිදුකෙරේ.

Related posts

මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යුරියා පොහොර අඩුවට දෙන්න තීරණයක්

Admin

නිදහස් දිනයට සිරකරුවන් 588ක් නිදහස ලබයි

Admin

පොලිස්පති ඇතුළු තිදෙනකුට නොතීසි නිකුත් කෙරේ…

Admin

අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ට පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක්

colombotoday

තවත් ගෑස් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණෙයි

colombotoday

කෝටිපති ව්‍යාපාරිකයාගේ තරුණ පුතු දිවි නසා ගනී

colombotoday