Colombo Today Local News

විල්පත්තු වන රක්ෂිතයේ නියෝගයට එරෙහිව බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

විල්පත්තු වන රක්ෂිතයේ ආශ්‍රිත ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් සදහා එළිපෙහෙළි කළ ඉඩම් වෙනුවෙන් තමාගේ වියදමින් නැවත වන වගාවක් සිදු කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය තමාට එරෙහිව ලබා දුන් නියෝගය නීතියට පටහැනි බවත්, එම නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

ආබ්දීන් නීතීඥ සමාගම මගින් ගොනු රිෂාඩ් බදියුදීන් මහතා ගොනු කළ මෙම විශේෂ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාරිසරික යුක්ති කේන්ද්‍රය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්, පරිසර ඇමැති, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

අදාළ අභියාචනාධිකරණය නඩු විභාගයේ නඩු නිමිත්තේ සදහන් කාල සීමාව තුළ තමා නිවාස ඉදිකිරීම් හෝ, වන සංරක්ෂණය බාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකළ බවද පෙත්සම මගින් පෙන්වා දේ.

කැලෑ එළිපෙහෙළි නැවත පදිංචි කිරීම් සිදු නොකළ බවත්, එලෙස තමා විල්පත්තු රක්ෂිතයට මායිම් පෙදෙස්වල එළිපෙහෙළි කොට නැවැත පදිංචි කිරීම් කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද බදියුදීන් මහතා සිය විශේෂ අභියාචනයෙන් සදහන් කර ඇත.

එබැවින් ඉකුත් නොවැම්බර් 16 වැනිදා එකී අභියාචනාධිකරණය තීන්දුව බලරහිත කරන්නැයි ද විශේෂ අභියාචක පෙත්සම්කාර රිෂාද් බදුද්දීන් මහතා කියා සිටී.

මෙම වන විනාශයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය කරන ලදී.

පෙත්සම්කරුවන් වෙත නියමිත නඩු ගාස්තු ගෙවන ලෙස ද හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කෙරිණි.

ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණි.

Related posts

අජිත්ගෙන් මුස්තාපාට ප්‍රබල වාග් ප්‍රහාරයක් (Video)

colombotoday

කොවිඩ් රෝග ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් යවන්න එපා

colombotoday

රිෂාඩ් ගේ නිවසේ මියගිය දැරිය ගැන ප්‍රකාශ 30 ක්

colombotoday

පස්සර මාර්ගයට ගල් පර්වතයක් පෙරළෙයි

Admin

බාලවයස්කාර දැරියක් රඳවාගෙන ආගම වෙනස් කර විවාහ වෙන්න සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

නියෝජ්‍ය ලේකමුත් විමල්ගේ පක්ෂය හැර යයි.. ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday