Colombo Today Local News

දෙමල සන්ධානය නිදහස් දිනයේදී ජාතික කොඩිය වෙනුවට කලු කොඩි උස්සන්න යයි.

2021 පෙබරවාරි 3 සිට 2021 පෙබරවාරි 6 දක්වා දින තුනක් උතුරු නැගෙනහිර විරෝධතා සිදුකිරීමට දෙමල ජාතික සන්ධානය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

එම දින තුන තුල නිදහස් දිනය වෙනුවෙන් ජාතික කොඩිය වෙනුවට කළුකොඩි ඔසවන ලෙස ජනතාවට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මඩකලපුව මූලික කරගෙන සිදුකරන විරෝධතා හිටපු TNA මන්ත්‍රී සීනතම්බි යෝගේෂ්වරම් විසින් සංවිධානය කරන අතර ලංකාවේ ජීවත්වෙන දෙමල ජාතිකයන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවසිකාම් නොමැති බව ඇතුළු කරුණු 10 ක් සංවිධායකයින් විසින් සඳහන් කර තිබෙනවා.

මේ සඳහා මඩකලපුව “ඉනයම්” නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන සභාරත්නම් ශිවයෝහනාදන් නොහොත් ඉනියන් සීලන් නැමැත්තා ජනතාව සංවිධානය කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

ඉතාලියම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි… ලාංකිකයන්ටත් එරටින් පිටවීම තහනම් කෙරේ !

colombotoday

“අර්ජුන් ගැන කතා අතාරින්න.. නාමල් ඇතුලට නොදා ඉන්නම්“ රනිල්ගෙන් මහින්දට ඩීල් එකක් !

colombotoday

ජාතික ඉන්ධන බලපත්‍රයට ලක්‍ෂ 5ක් ඉන්ධන අරගෙන

colombotoday

10 වැනිදා සිට එජාප තනි ආණ්ඩුවක්…

colombotoday

භූත බියකින් යාපනය තැතිගනී.. එකම පවුල් දාමයක 09ක් හදිසියේ මියගිහින්.. අදත් ළමයෙක් මැරිළා !

colombotoday

ටෙන්ඩරය වැරදී හාල් ඇටයක්වත් ආනයනය කරන්න බැරිවෙයි

Admin