Colombo Today Local News

පොඩි ලැසීගේ සමීපතමයෙක් ගිනිඅවියක් සමග STF දැලේ

සිරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘පොඩි ලැසී‘ නැමැත්තාගේ සමීපතමයෙක් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා කොළඹ මුලස්ථානයට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇත.

අම්බලන්ගොඩ, මීටියාගොඩ, දෙල්වත්ත ප්‍රදේශයේ දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථානයේ නිවසක වහලය මත සඟවා තිබු ටී 56 ගිනිඅවියක් ද සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මේ වන විට මීටියාගොඩ පොලීසියට භාර දී ඇත.

Related posts

ඉන්ධන මිල ඉහළ දැමුවේ ඛණිජ තෙල් සංස්ථාවේ වංචා දූෂණ නිසා

colombotoday

උ/පෙළ ප්‍රතිඵලවලට කිසිදු හානියක් සිදුව නැහැ – විභාග දෙපාර්තමේන්තුව

colombotoday

බස් ගාස්තු සංශෝධනයේ වෙනසක් නැහැ

Admin

වාහන ආනයනයට රජයෙන් ගත් නව තීරණ

Admin

රනිල් නැවත වරක් ඉන්දියාවේ සංචාරයක

Admin

ඔක්ස්ෆර්ඞ් එන්නතේ ආයු කාලය මාස 6යි – ඉක්මනින් එන්නත් කරන්න : නිෂ්පාදක සමාගම කියයි

colombotoday