Colombo Today Local News

නිදහස දා උතුරේ කළු කොඩි දිනයක් ලෙස සමරයි | ‘ උතුරු නැගෙනහිර සිංහල ජනපදකරණයට එරෙහිව විරෝධතාවයට එක්වන්න ‘ – සුමන්තිරන් දෙමළ ජනතාවගෙන් ඉල්ලයි.

රාජ්‍ය ආයතන යොදා ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණය කරන බවට ආණ්ඩුවට චෝදනා කරමින් හා මෙරට දෙමළ ජනතාවට එරෙහිව සිදුවන බව කියන මර්දනයන්ට එරෙහිව එළැඹෙන 4 වැනිදා ජාතික නිදහස් දිනය කළු කොඩි දිනයක් ලෙස සැමරීමට උතුරු නැගෙනහිර පළාත් සිවිල් සංවිධාන තීරණය කර තිබේ.

එය විරෝධතා ව්‍යාපාරයක් වශයෙන් ලබන 3 වැනිදා ආරම්භ කරන අතර ලබන 6 වැනිදා දක්වා පැවැත්වීමට එම සිවිල් සංවිධාන තීරණය කර ඇත.

මෙම විරෝධතා ව්‍යාපාරයට උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ දේශපාලන පක්ෂ බොහෝමයක් දැනටමත් සහාය පළ කර ඇති අතර මෙම විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානයේ පුර්ණ සහයෝගය ද ලබාදෙන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම් ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේය.

ආණ්ඩුව උතුරු නැගෙනහිර පළාත්වල පාරම්පරික ජුජනීය ස්ථානය 200 ක් පමණ රජය සතු කර ගැනීමේ උත්සහායක නිරතව සිටින බවට චෝදනා කළ සුමන්තිරන් මහතා ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මානව හිමිකම් කඩකිරීම් ලෝකයට හෙළිදරව් කළ යුතුව ඇතැයිද මෙහිදි කියා සිටියේය.

මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කරනු ලබන මර්දනයන්, සිවිල් සංවිධානවල විරෝධතාවයන්ට කරනු ලබන තර්ජනයන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුව ඇති බව මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත්වල සිදුවන සිංහල ජනපදකරණය වැනි ක්‍රියාමාර්ග වලට එරෙහිව පවත්වන මෙම විරෝධතාවයට එක්වන්නැයි සියලු දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

Related posts

ලොවපුරා රටවල්වලට කොවිඩ් එන්නත් ලබා දීමට අමෙරිකාවෙන් ඩො. බි. 2 ක මුදල් පරිත්‍යාගයක්

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

colombotoday

මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කලොත් අත්අඩංගුවට

colombotoday

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

කුවේට් ගිය ගෘහ සේවිකාවගේ ගෙල කැපු මළ සිරුර ශ්‍රී ලංකාවට

colombotoday

ආර්ථිකය ස්ථාවර වෙන්න මාස 18ක් ගතවෙනවා – අගමැතිවරයා ජාත්‍යන්තරයට කියයි.

colombotoday