Colombo Today Local News

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් රැගත් ඉන්දීය යානය හෙට පෙ.ව 11.00ට

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත රැගෙන ඉන්දීය ගුවන් යානයක් හෙට (28)දින දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන බව එරට ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරු සාරානාත් පීරිස් පවසයි.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිර්මාණය කර ඇති මෙම එන්නත, ඉන්දියාවේ මුබ්බායි පිහිටි ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක නිෂ්පාදනය කරයි.

ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 281 දරන මෙම ගුවන් යානය මුලින්ම ඉන්දියාවේ නවදිල්ලි නුවරින් පිටත්වී මුම්බායි ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

එතැනින් එන්නත් තොගය යානයට පටවා ගැනීමෙන් පසුව හෙට (28)දින පෙ.ව. 11.00ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට සැලසුම් කර ඇත.

එහෙත් මීට පෙර මෙම ගුවන් ගමන ඉන්දියාවේ නවදිල්ලි සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ඍජු ගුවන් ගමනක් ලෙස ක්‍රියාත්මක වන්නකි. මෙම ඔක්ස්ෆර්ඩ් එන්නත් තොගය කිලෝ ග්‍රෑම් 1,323 ක බරකින් යුතු බව ද, ගුවන් යානයේ විශේෂ ශීතකරණ පහසුකම් යටතේ මෙම එන්නත් තොගය ගබඩා කර රැගෙන එන අතර, කටුනායකට පැමිණි සැණින්, මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ඇති ශීතාගාර තුළ ගබඩා කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද පීරිස් මහතා වසයි.

මෙම ගුවන් යානයෙන් එන්නත් තොගයට අමතරව තවත් ගුවන් මගීන් 20 දෙනකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට සූදානම් වී සිටින බව පැවසේ.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව මෙම එන්නත් තොගය එදිනම ගුවන් ගැල් ගම්මානයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ගබඩා භාර නිලධාරීන් වෙත නිදහස් කිරීමට ද සැලසුම් කර ඇත.

Related posts

ජෙරම් ප්‍රනන්දු යළි රිමාන්ඩ්

Admin

ශ්‍රී ලංකාවේ ‘වෙනස’ මේ වසරේ ලොව සිදුවූ වැදගත් සිදුවීම්වලින් වැදගත්ම එකක් – බෑන් කී මූන්

colombotoday

අස්ගිරි නාහිමියෝ සොව පලකරයි… රට වැසියන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

මැකෝට විරුද්ධව පුද්ගලික සමාගමක් උසාවි යයි

colombotoday

STF අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ගල් වළකට වැටී මරුට

colombotoday

වසර පහක් තුළ රේගු සහ රේගු නොවන බදු ඉවතට

Admin