Colombo Today Local News

මාළඹේ පුද්ගලික වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකග වෙයි

ආන්දෝලනයට තුඩු දී ඇති මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට සෞඛ්‍ය අමාතශ්‍යාංශය එකග වී තිබේ.

මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය ලේකම්වරයාට අධිකරණ නියෝගයක් ලබා දී තිබුනේ අදාළ ආයතනයේ සිසුන්ට සායනකික පුහුණුව ලබා දීමට කටයුතු කරන ලෙසටයි. එහෙත් එම නියෝගය ක්‍රියාත්මක නොවන බවට සිසුන් පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොණුකර තිබුණු අතර අද එය විභාගයට ගනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය කියා සිටියේ කඩුවෙල සහ අවිස්සාවේල්ල වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ තුල ඇති රෝහල්වල සායනික පුහුණුව ලබාදීමට එකගතාව පළකරන බවයි. කෙසේවෙතත් එම පුහුණුව ලබාදෙනු ලබන්නේ රුපියල් පනස් දහසක මුදලකට යටත්ව බව ද රජයේ නීතිඥවරිය ප්‍රකාශකර තිබෙනවා.

මේ අතර මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා නොදෙන ලෙස සහ එම වෛද්‍ය විද්‍යාලය තහනම් කරන ලෙස බලකරමින් ඊයේ දිනයේදීද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹදී විරෝධතාවක් පවත්වනු ලැබූ අතර මාධ්‍ය හමුවක් කැදවමීන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයද එම පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණා.

Related posts

“ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි”

colombotoday

QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීමේ දෙවන කෝටාව ඇරඹෙයි

colombotoday

යාපනයේ ස්ථානයකට ප්‍රහාරයක්… හිටපු මන්ත්‍රීවරයෙක් සැගවෙයි

colombotoday

“ලංකාව බෙදන්න බෑ.. ඒකීය රටක් ලෙස පවතිනු දැකීම චීනයේ අරමුණයි” චීන තානාපති යාපනේදී කියයි

colombotoday

ජාතිවාදය අවුස්සලා මේ රට සිංහල රාජ්‍යයක් කරන්න හදනවා – වික්‍රමබාහු කියයි

colombotoday

2015 මහින්ද පැරැද්දුවේ අපියි, මෙවරත් කවරු දැම්මත් පරද්දනවා, 50%ක් ගන්න දෙන්නෑමයි…

colombotoday