Colombo Today Local News

කොවිඩ් දේහ භූමදානය සම්බන්ධ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ..

කොවිඩ් හේතුවෙන් මියගිය අයගේ දේහ භූමදානය සම්බන්ධයෙන් දැනට සිටින ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26)දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට අදහස් දක්වමිනි.

කොවිඩ් දේහ භූමදානය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් හතරදෙනෙකුගෙන් යුත් කමිටුවේ වාර්තාව ඊයේ වූ අතර කිසිදු අවස්ථාවක කොවිඩ් දේහ භූමදානය තුළින් කොවිඩ් පැතිරීමේ කිසිදු සාධනීය තත්ත්වයක් නොමැති බවද එහි සදහන් වූ බැවින් ශ්‍රී ලංකාව මේ සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබදව මෙහිදී විමසීමට ලක්විය.

ඒ පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා කියා සිටියේ රජය අනුගමනය කරන්නේ සෞඛ්‍ය අංශ වල බලධාරීන් ඒ පිළිබදව ලබාදෙන ක්‍රමවේදය බවයි. එම ක්‍රමවේදයෙන් බැහැර වුවහොත් රටේ ඇති වන අනතුරු තත්ත්වය පිළිබදව වගකීම රජයට ගැනීමට සිදුවන බවද, සාමාන්‍ය පුද්ගලයන් වශයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය ගැන දැනුමක් නොමැති හෙයින් හිතුවක්කාර තීන්දු ගත නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ඒ අනූව වෛද්‍ය ක්ෂේත්‍රයේ අදාල බලධාරීන් විසින් ලබාදෙන තීන්දු අනූව කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

සමාජ ජාල ඔස්සේ සංහිඳියාව බිඳ දමන අය සොයා පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි !

colombotoday

අලුත් පක්ෂයේ සභාපති ජී.එල්. පීරිස් ශ්‍රීලනිපයෙන් නෙරපයි !

colombotoday

තිරු නිඩේෂන් අල්ලස් කොමිසමට

colombotoday

ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන

colombotoday

ටින් මාළු – පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී

colombotoday

මළකඩ කෑ කඩු අරන් ගම්මන්පිල මාධ්‍ය හමුවේ… යහපාලන තෙවසර සමරයි

colombotoday