Colombo Today Local News

කවුරු විරුද්ධ වුණත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙනවා..

කවුරු විරුද්ධ වුණත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දෙන බවත් එය රජයේ ස්ථාවරය බවත් ග්‍රාමීය මාර්ග සංවර්ධන හා අවශේෂ පහසුකම් පිළිබද රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා අද (24)දින වත්තල කෙළවරපිටියේදී පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ වත්තල ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ තරුණ බල මණ්ඩලය අමතමිනි.

එහිදී තව දුරටත් අදහස් දක්වා සිටි අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

” රජයක් ලෙස අපි ප්‍රකාශ කරන්නේ අපි රාජ්‍ය දේපළ විකුණාගෙන කන්නේ නෑ. අපි කරන්නේ නැගෙනහිර ජැටියට ආයෝජන කරන්න ඉන්දියානු සමාගමකට බදු දීමයි. ඉන්දියාව වේවා, ජපානය, චීනය, ඇමරිකාව වේවා ඕනෑම රටක් ලංකාවේ ආයෝජනයට එනවා නම් අපි ඒ අයට අවස්ථාව දෙනවා.

එසේ ආයෝජන අපේ රටට ආ විට රටේ තරුණ තරුණියන් ට රැකියා අවස්ථා උදාවෙනවා. ඒ නිසා අපි එකහෙලා කියාසිටි පරිදි කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ආයෝජනය කිරීමට ඉන්දියානු සමාගමට අවස්ථාව ලබා දෙනවා. ඉන්දියාව අප අසල්වැසි මිත්‍ර රටක්, ඒ අය අමනාප කර ගැනීම අනුවන කමක්.

අද මුළු ලෝකයේම ආර්ථිකය කඩා වැටිලා එය අපේ රටටත් බලපාලා තියනවා. ඒ නිසා අපි රට දියුණු කරන්න අවශ්‍ය කටයුතු සිදු කල යුතුයි. එහි එක් පියවරක් ලෙස තමයි අපි සංචාරකයන් සදහා ගුවන්තොටුපළ විවෘත කෙරුවේ. ඒත් විපක්ෂ ය කියනවා මුළු රටටම කොරෝනා බෝ කරනවා කියලා. එසේ ඔවුන් කියන්නේ එන්.ජී.ඕ. කාරයන්ගේ සල්ලි වලටයි. “

මෙම අවස්ථාවට හිටපු පලාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරාජා අල්විස්, උප සභාපති බිගුන් ජයතුංග, වත්තල තරුණ බල මණ්ඩලයේ සභාපති ජගත් ජයතුංග යන මහතුන් ඇතුළු දේශපාලන මහජන නියෝජිතයන් විශාල පිරිසක් එක්වී සිටියහ.

Related posts

රසායනික පොහොර නැවත්වීමට ගත් තීරණයට ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානයෙන් ජනාධිපති ට ප්‍රසාදය.

colombotoday

රට භාර ගන්නා මීළග නායකයා ගැන ඥාණසාර හිමිගේ අදහස මෙන්න

colombotoday

ලංකා පොස්පේට් සේවකයෝ ජවිපෙ ට හූ කියා පන්නති.(video)

Admin

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික අපි විරුද්ධයි – වී. රාධාක්‍රිෂ්ණන්

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට

colombotoday

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday