Colombo Today Local News

රට පුරා සිදුකළ පැය 3ක පොලිස් මෙහෙයුමකින් 3520ක් අත්අඩංගුවේ

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝග මත ඊයේ (23)දින රාත්‍රී 11.00 සිට අද (24)දින අලුයම 2.00 දක්වා පැය 03ක කාලයක් එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පොලිස් නිලධාරීන් 20,000කගේ සහභාගීත්වයෙන් සිදුකළ මෙම මෙහෙයුමේ දී පුද්ගලයින් 3520 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ මගින් වරෙන්තු නිකුත්කර තිබු පුද්ගලයින් 1185 දෙනෙකු සහ බීමත් රියදුරන් 830 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර විවිධ අපරාධ ක්‍රියා හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් සෙසු පිරිස අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

විල්පත්තු සංහාරය තවදුරටත් – අක්කර 175ක් පලතුරු වගා සමාගමකට

colombotoday

ඊයේ රාත්‍රියේ අවහිර කළ සමාජ ජාලා වෙබ් අඩවි නැවත සක්‍රීය කරයි..!

colombotoday

කිඹුලා ඇලට වැටුණු BMW එක ගැන ගැන පොලිසියෙන් නිවේදනයක්

colombotoday

ද්‍රවිඩ සන්ධානයට පූස් පැටවු වුණත්, වැලිකඩ ඉන්නේ දරුණු කොටි

colombotoday

සැකකටයුතු කාන්තා මළ සිරුරක් මිනුවන්ගොඩ නිවසකින් හමුවෙයි

Admin

හෙරොයින් සහ අයිස් සමග පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

colombotoday