World

එන්නත්කරනය ගැන බයිඩන්ගෙන් ප්‍රතිඥාවක්

තමා බලයට පත්වී පළමු දින 100 තුළ එන්නත් මාත්‍රා මිලියන 100 ක් ජනතාවට ලබාදෙන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා ලබාදී තිබේ.

ධවල මන්දිරයේ සම්බන්ධීකාරක ජෙෆ් සියෙන්ට්ස් පවසන්නේ අදාළ ඉලක්කය සපුරාගැනීමට ප්‍රමාණවත් තරමේ එන්නත් සැපයුමක් පවතින බවට තමා විශ්වාස කරන බවය.

කෙසේ වෙතත් එම ඉලක්කයට වැඩි යමක් කළ හැකි යැයි තමා විශ්වාස කරන බව අමෙරිකාවේ අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆෝචි පවසා ඇත.

මේ අතර නව ජනාධිපති ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමේ උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටි ජාතික ආරක්ෂක බලකායේ සෙබළුන් 150ත් 200ත් අතර පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

උත්සවය වෙනුවෙන් සේවයේ යොදවා සිටි 25,000ක් පමණ වන භට පිරිස අතර සිටින කොවිඩ් ආසාදිතයන් තවදුරටත් ඉහළ යා හැකි නමුත් එය ඉතා සුළු ප්‍රමාණයක් වනු ඇති බව අමෙරිකානු බලධාරීන් පවසයි.

ඉකුත් 6 වන දා වොෂින්ටනයේ සිදුවූ ගැටුමෙන් පසු අගනුවර සේවයට අනුයුක්තකර සිටි පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව එරට පොලිස් වාර්තා පවසයි.

ආරක්ෂිත මුහුණු ආවරණ හෝ නොමැතිව කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් හේතුවෙන් වෛරසය පැතිරයන්නට ඇති බවට සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරයි.

Related posts

ඕස්ට්‍රේලියාවේ ගුවන් අනතුරක් – 5ක් මරුට

colombotoday

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් බුදු හිමි පාමුළ දී ලෝකයට සාමය පතයි !

colombotoday

ඉන්දියාවෙන් පකිස්ථානයේ ප්‍රදේශයකට කිලෝ 1000 බරැති බෝම්බ හෙලයි !

colombotoday

2023 වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට

Admin

දකුණු කොරියානු විපක්ෂ නායකයගේ ගෙලට පිහි ප්‍රහාරයක්

Admin

දෙවියන් ශ්‍රේෂ්ඨයි කියමින් තුර්කියේ රුසියානු තානාපතිට වෙඩි තබා ඝාතනය කළහැටි මෙන්න

colombotoday