Colombo Today Local News

ශිෂ්‍යත්ව දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශය

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොකළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ඒ, ඒ පාසල්වලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාවේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවයි.

සිසු දරු දැරියන්ට කිසිදු අසාධාරණයක් සිදු වීමට ඉඩ නොතබන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු දරු දැරියන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත්ත ද 2017 සිට 2021 දක්වා වසර 05 ක් තුළ පාසල්වලට සිසුන් බඳවා ගැනීමේ ප්‍රමාණය කිසිසේත් ම වෙනස් නොකළ බවයි.

එමෙන් ම කිසිදු ආකාරයකින් පාසල්වල පන්ති ප්‍රමාණය හෝ පන්තියකට ඇතුළත් කරගන්නා සිසුන් අඩු කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා බාලක, බාලිකා, මිශ්‍ර සහ 6 -13 බාලක, බාලිකා සහ මිශ්‍ර පාසල්වල හෝ එවැනි වෙනසක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවත් අධ්‍යාපන ලේකම්වරයා අවධාරණය කළේ ය.

එමෙන්ම අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා පෙබරවාරි 15 වැනි දා සිට මසක කාලයක් ලබාදෙන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

ණය ප්‍රශස්තකරණයෙන් කිසිදු පාර්ශ්වයකට හානියක් නැහැ – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියයි

Admin

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

colombotoday

රන්ජන්ගේ හඬපටි නාඩගම: විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහි නඩු විභාගය අත්හිටුවන්න නියෝගයක්

colombotoday

ඉවසුවා දැන් ඇති.. රතු කට්ටත් පැන ඉවරයි.. මරික්කාර් මහ පෙරළියකට සූදානම් !!

colombotoday

අඩු කළ ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

colombotoday

රත්නපුර සියලු උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු නවත්වයි

colombotoday