Colombo Today Local News

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ ශ්‍රී ලාංකික M.M.M. නවාස් සහ අෆ්නාස් ඉන්දියාවේදී අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය “මත්ද්‍රව්‍ය පාලක කාර්යාංශය” පවසයි.

එම කාර්යාංශය සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් දෙදෙනාට පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය, ඉරානය, ශ්‍රී ලංකාව. මාලදිවයින සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ඇති බව වාර්තා වේ.

සැකකරුවන් දෙදෙනා M.M.M. නවාස් සහ මොහොමඩ් අෆ්නාස් ලෙස ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ. ඔවුන් දෙදෙනා චෙන්නායි නගරයේ සිට වෙනත් නම් දෙකක් භාවිත කරමින් ජාවාරම් කටයුතුවල නිරතව සිටි බව වාර්තා වේ.

එම සැකකරුවන් දෙදෙනා පාකිස්තාන සහ ඉරාන යාත්‍රාවලින් මුහුද මැද සිට ගොඩබිමට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ජාවාරම හසුරුවා තිබේ.

මෑතකදී ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ධීවර යාත්‍රාවකින් රැගෙන එමින් තිබු මත්ද්‍රව්‍ය කිලෝ 100ක් මෙරට බලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය කාර්යාංශය ලබාදුන් තොරතුරක් අනුවය.

Related posts

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 653 දක්වා ඉහළට

colombotoday

පියා රිළවුන්ට තැබූ වෙඩිල්ල දියණියට වැදී රෝහලේ…

Admin

‘ස්පුට්නික් V’ පළමු එන්නත් තොගය දිවයිනට

colombotoday

“හැමදේම කළේ අගමැති රනිල්ගේ කීමටයි.. ඔහුව ගෙනත් ප්‍රශ්න කරන්න” – බැදුම්කර මාමා කොමිසමට කියයි

colombotoday

යුක්‍රේනයේ සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමේ සූදානමක්..

colombotoday

රජයේ සේවකයන්ට වාහන බලපත් යළිත් දෙනවා… වසර 10කට එකයි. ජීවිත කාලෙටම දෙකයි

colombotoday