Colombo Today Local News

කිලෝමීටරයකටවත් නැති පාරක් හදන්න වසර එකහාමාරකටත් වඩා කාලයක් යනවා.

කිලෝමීටරයකටවත් වඩා අඩු පාරවල් සකස් කිරීමට වසර එකහාමාරකටත් වඩා කාලයක් ගතව ඇති බවත් ව්‍යාපෘතිවල වැඩ නිසි පරිදි සිදුනොවීමෙන් ජනතාවගෙන් තමන්ට බැනුම් ඇසිමට සිදුවන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹදි අද(21)දින පැවසීය.

ව්‍යාපෘතිවල වැඩ නිසි කාලයට නිම කිරීමට නොහැකි නම් එම ව්‍යාපෘති මාර්ග සංවර්ධන අධිකාරියට බාර දෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.

මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රාවණාගාරයේ දී නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඔහු මේ බව පැවසීය.

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පමනක් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 1150ක් සංවර්ධනය කිරිමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම ග්‍රාමීය මාර්ග ඉදිකිරිම සදහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී නියමිත දිනට වගකීමෙන් යුතුව ඉදිකිරිම් කටයුතු අවසන් කළ හැකි ඉදිකිරිම් සමාගම් වලට පමණක් කොන්ත්‍රාත් පවරන ලෙසට ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේය.

නැගෙනහිර පළාතේ පමා වූ සියලුම මාර්ග ව්‍යාපෘත කඩිනමින් අවසන් කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට එහිදී උපදෙස් ලබාදුන්නේය.

Related posts

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday

ජවිපෙ ලාල් කාන්තගේ මැණීයන්ගේ පාංශුකූලයට ඥාණසාර හිමි වැඩම කරති

colombotoday

ප්‍රමිතියෙන් තොර බවට සැක පොල් තෙල් බවුසර් 2ක් දංකොටුවේ

colombotoday

මෛත්‍රි, රනිල් හා මහින්ද අසාර්ථක නායකයන්. – සරත් විජේසූරිය

colombotoday

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 25යි

colombotoday

වැඩ බලන ඇමැතිවරු 05ක් පත් කරයි

colombotoday