Colombo Today Local News

ආණ්‌ඩුවට කත් අදින වෘත්තීය සමිති සටන පාවාදුන්නා – ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ කැඳවුම්කරු

protest

අයාලේ යන වෘත්තීය සටන්වලට ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලය සම්බන්ධ නොවන බව එහි කැඳවුම්කරු ඩබ්ලිව්. එම්. පියදාස මහතා පැවසීය.

මේ ආණ්‌ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ වෘත්තීය සමිති පිළිබඳ කිසිදු විශ්වාසයක්‌ නැති බවත් අගමැතිවරයාගේ ප්‍රකාශය පදනම් කරගෙන තීරණය කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය හකුලා ගන්නා බව කීමෙන් තමන් පුදුමයට පත්වූ බවත් හෙතෙම කියා සිටියේය.

මෙම අයවැය සම්බන්ධව මතුවන විරෝධතා වලට බියෙන් ආණ්‌ඩුව විවිධ ප්‍රකාශන නිකුත් කරන බවත්, පාර්ලිමේන්තුවේ කෙරෙන ප්‍රකාශවලින් පමණක්‌ සෑහීමකට පත්විය නොහැකි බවත් ඒවා අයවැය සංශෝධනවලට ඇතුළත් කර සම්මත විය යුතු බවත් කීවේය.

ආණ්‌ඩුවට කත් අදින වෘත්තීය සමිති සටන ආපසු හරවගන්න අගමැතිවරයාගේ ප්‍රකාශය හේතුවක්‌ කරගත් බව පැවසූ පියදාස මහතා ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ සටන ජනතාවට අහිතකර අයවැය යෝජනා සංශෝධනය කරන තුරු ඉදිරියට ගෙන යන බවත් ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලය කලින් තීරණය කළ පරිදි අයවැයට විරුද්ධව විරෝධතාව ලබන 18 වැනිදා පවත්වන බවත් කීවේය.

Related posts

පොලිස් වැටුප 40%කින් ඉහළට !!

colombotoday

පඩි මදිනම් වෙන රස්සාවක් හොයාගන්නවා ! – අගමැති විගණකාධිපතිට කියයි

colombotoday

ගොවි පවුල් ලක්ෂ 12කට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර

Admin

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව යුද හමුදාව යටතට

colombotoday

දූෂණ විරෝධී පනත 21වනදා විවාදයට

Admin

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය කළමනාකාරණය ගැන කැබිනට් තීරණයක්

Admin