Colombo Today Local News

පාස්කු කොමිසමේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන්.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන් කර තිබේ.

ඒ අනුව ඊයේ (19) දිනයේ සාක්ෂි ලබාගැනීමේ කටයුතු අවසන් කළ බව කොමිසන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව කටයුතු කළ ශානී අබේසේකර මහතා ඊයේ දිනයේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණීමට නියමිතව තිබුණ ද ඔහු එම අවස්ථාවට සහභාගී නොවීය.

ඒ අනුව අධ්‍යක්ෂවරයාගේ සාක්ෂි ලබාදීම මේ දක්වාත් අවිනිශ්චිත තත්ත්වයක් පවතී.

ඉදිරි දින කිහිපයේ දී හිටපු අධ්‍යක්ෂවරයා සාක්ෂි ලබාදෙනු ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ දී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ උමීර් මොහොමඩ් නැමැත්තා සාක්ෂි ලබාදෙනු ලැබීය.

මේ වන විට රැඳවුම් නියෝග මත පසුවන ඔහුගේ සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත නොවීය.

ඔහුගේ සාක්ෂි විමසීමත් සමග කොමිෂන් සභාව සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසිම අවසන් කළ බව ද කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Related posts

අති දුර්ලභ ‘ඒකනයිට්’ මැණිකක් වැලිමඩින් මතුවෙයි

colombotoday

උතුර-නැගෙනහිර අපට ඕන හැටියට කරන්නත්, නව ව්‍යවස්ථාව ගේන්නත් රනිල් පොරොන්දු වුනා..- TNA

colombotoday

අගැමැති ගේන්න යන අලුත් පනත : ව්‍යවස්ථාවට පටහැනි නෑ ! – කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

කැබිනට් ඇමති ධුරයක් නැතැයි සම සමාජයෙන් විරෝධය

colombotoday

තොටළග කුඩු සඳා අත්අඩංගුවට

colombotoday

මහින්දලා මොන යාත්‍රා ගියත්, අපි ජාතියට දුන් ජයග්‍රහණ ආපසු හැරවිය නොහැකියි – චම්පික රණවක

colombotoday