Colombo Today Local News

කොරෝනා වෛරසයට ප්‍රතිශක්තීකරණය ලබාදෙන ඖෂධ 10කට සූත්‍ර කමිටුවේ අනුමැතිය.

කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණය ලබාදෙන බව කියන නව ඖෂධ 10 කට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා සඳහන් කළේ, මෙම ඖෂධවලට අනුමැතිව හිමි වී ඇත්තේ ප්‍රතිශක්තිකරණ පානයන් ලෙස බවයි.

කෙසේ වෙතත් ඉන් කොරෝනා වෛරසයට සුවිශේෂී ප්‍රතිශක්තියක් ශරීරය තුළ ඇතිවන්නේ දැයි මෙතෙක් සනාථ කරගෙන නොමැති ඔහු ප්‍රකාශ කරයි.

එවැනි නව ඖෂධ 30 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට සුත්‍ර කමිටුවේ අනුමැතිය සඳහා යොමු කර තිබේ.

ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දුන් ධම්මික පැණිය නමැති ආයුර්වේද ඖෂධය සූත්‍ර කමිටුවේ අනුමැතියෙන් පසු මේ වනවිට සායනික අත්හදා බැලීම් සඳහා යොමු කර ඇති බවයි.

අනුරාධපුරයේ පිහිටි රෝහලකදී එම අත්හදා බැලීම් සිදුකෙරෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමිගේ ශ්‍රී දේහය බෞද්ධ මහා සම්මේලනයට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

Admin

සුවිශේෂී බළකාය ගෙන ඒමට ජනපති තීරණය කරයි

colombotoday

යාපනය ශ්‍රී නාග විහාරයේ බුදුපිළිම වහන්සේට ගල් ගසයි

colombotoday

මහනුවර කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් මුල්වරට විශ්ලේෂණාත්මක හෙළිදරව්වක්

colombotoday

විපක්ෂයෙන් මා අපේක්ෂා කළ දේ ලැබුනේ නැහැ. කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක්

colombotoday