Colombo Today Local News

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධි චෝදනා.

මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන්දෙනෙකුට අද (18)දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ එම අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවිය.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගන ඔවුන්ගේ පෙර වැරදි පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින් වෙත භාර දී තිබෙන ලේඛනවල අඩුපාඩු තිබේ දැයි සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා ඒ පිළිබඳව සලකා බැලීම සඳහා නඩුව අප්‍රේල් මස 22 ද කැඳවන ලෙස නියම කළේය.

Related posts

ගුරුකන්ද විහාරස්ථානයට බුදුපිළිමයක් වැඩවීම ගැන ටී.එන්.ඒ. මන්තී‍්‍රවරු කුලප්පු වෙති

colombotoday

අලෝසියස් හමුවුණාද? “මට මතක නෑ..” – ඇමති රවීගෙන් කොමිසම දිගටම ප්‍රශ්න කරයි !

colombotoday

තවත් දුර්ලභ අලි නිවුන් උපතක්

colombotoday

හදුන්නෙත්ති යළිත් කෝප් සභාපති ධුරයට…

colombotoday

පාස්පෝට් ගන්න රැය පහන් කරන ජනතාව

Admin

කෝටි තුනකට අධික හෙරොයින් සමඟ 3 ක් දැලේ

colombotoday