World

මුස්ලිම්වරුන්ට විද්‍යාඥයන් විශ්වාස නොමැති නම්, විශ්වාසය පකිස්ථානය කෙරෙහි තිබේ නම් පාකිස්තානයට යා යුතුයි.

භාරතීය ජනතා පක්ෂයේ (BJP) සංගීත් සොම් පවසා ඇත්තේ මුස්ලිම්වරු රට විශ්වාස නොකරන්නේ නම් ඉන්දියාව අතහැර පාකිස්තානයට යා යුතු බවයි. කොරොන වයිරස් එන්නතෙහි ඌරු මේදය තිබීම පිළිබඳව මුස්ලිම් ප්‍රජාවගේ කනස්සල්ල පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ බව india today වෙබ් අඩවිය වාර්තා කර ඇත.

Sangeet Som

සංගීත් සෝම් කියා සිටියේ, “ඉන්දියාවේ මුස්ලිම්වරුන් රට විශ්වාස නොකරන්නේ නම්, ඔවුන් ඉන්දියාව අතහැර පාකිස්තානයට ගොස් පාකිස්තානය කෙරෙහි විශ්වාසය තැබිය යුතුය” යනුවෙනි.

ස්වාමි විවේකානන්දගේ ජන්ම සංවත්සරය නිමිත්තෙන් මීරට්හි සර්දාන හි එම්.එල්.ඒ සංගීත් සෝම් උත්සවයකට පැමිණියේය.

කොරෝනා එන්නතෙහි ඌරු මේදය තිබීම පිළිබඳව ඉන්දියාවේ සමහර මුස්ලිම් සංවිධාන විසින් කරන ලද ප්‍රකාශයන් පිළිබඳව විමසූ විට සෝම් මෙම ප්‍රකාශය කළේය.

මේ පිළිබඳව පිළිතුරු දෙමින් “මුස්ලිම්වරුන්ට ඉන්දීය විද්‍යාඥයන් කෙරෙහි විශ්වාසයක් නොමැති නම් ඔවුන්ගේ විශ්වාසය පකිස්ථානය කෙරෙහි තිබේ නම් ඔවුන් පාකිස්තානයට යා යුතුයි.” නමුත් විද්‍යාඥයින් සැක නොකළ යුතු බව ඔහු පැවසීය.

Related posts

මියන්මාර හමුදා ජුන්ටාව විරෝධතා මධ්‍යයේ ඇඳිරි නීතිය පනවයි. | හමුදා ප්‍රධානියා ජාතියත් අමතයි.

colombotoday

ඇමෙරිකාවේ දිනකදී සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

colombotoday

මිනිස් මොළයකින් පරපෝෂිත වටපණුවෙක් හමුවෙයි

Admin

මියන්මාර හමුදා පාලනයට FaceBook හරස් වෙයි

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වූ ඉන්දීය තබ්ලික් ජමාත් සාමාජිකයෙකු උගුර කපාගෙන සියදිවි නසාගෙන.

colombotoday

සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

colombotoday