Colombo Today Local News

ව්‍යාජ රන් අලෙවි කිරීමට තැත් කළ 6 දෙනෙකු අත්අඩංගුවේ.

රනින් සකසා ඇතැයි පවසා ව්‍යාජව සකස් කල (මරංචි) බෝල තොගයක් ගැණුම්කරුවන් රවටා අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයින් හය දෙනෙකු සමගින් එම ව්‍යාජ රන් සැකසීමට උපයෝගී කරගත් උපකරණ අද (12)දින අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

තමන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ගෙවා ලබා ගත් රන් තොගයක් ව්‍යාජ රන් බව පවසමින් පුද්ගලයෙකු විසින් නවගමුව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

මෙලෙස ව්‍යාජ රන් බෝල අලෙවි කිරීමේ නිරත වූ ජාවාරමේ ප‍්‍රධාන සැකකරු බදුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කෑගල්ල ප‍්‍රදේශයේ පදිංචි රන් භාණ්ඩ සැකසුම් බලපත‍්‍ර හිමි පුද්ගලයෙකු ගේද සහය ඇති දෙහිඅත්තකණ්ඩිය පොලොන්නරුව හා අතුරුගිරිය ප‍්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකුගේද සහය ඇතිව මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් එම සැකකරුවන් සියලු දෙනා පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි.

දෙහිඅත්තකණ්ඩිය මඩකළපුව පොතුවිල් ආදී ප‍්‍රදේශ රැසක පුද්ගලයින් වෙත මෙලෙස ව්‍යාජ රන් (මරංචි) විකිණීම සිදු කළ බව සැකකරුවන්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

“සජිත්ට එජාප නායකත්වය නොදුන්නොත් සිරිකොත වටලනවා.” – පා.ම දිලිප් වෙදආරච්චි

colombotoday

සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇප : තිළිණි-ජානකී යළි රිමාන්ඩ්

Admin

මත් උවදුරට එරෙහිව දැඩි පියවර ගන්න – ආරක්ෂක ලේකම්ගෙන් පොලිසියට උපදෙස්

colombotoday

ඌව මහ ඇමති චාමර කෑෆේ කීර්තිට ආණ්ඩුකාර පුටුව නොදී පන්නා දමයි… ඌවෙන් දකුණට මාරුවක්..

colombotoday

ආපන ශාලාවට ගිය සිසුන්ට කොසුමිටකින් පහර දුන් ගුරුවරයෙක්

Admin

බ්‍රිතාන්‍ය කොටි තහනම දික් කරයි

colombotoday