Colombo Today Local News

ඕමන්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට.

ඕමන්ත පොලිස් වසමේ අරසමුරිප්පු ප්‍රදේශයේ දී ඥාතියෙකු විසින් එල්ල කළ වෙඩි පහරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (10)දින රාත්‍රී 10.30ට පමණ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මාමා විසින් සිදුකළ වෙඩි තැබීමෙන් 29 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, තුවාල ලැබු පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීම සිදුකළ 46 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (11)දින වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඔරුගල්යාය ලදු කැළෑ එළි කරේ වන අලි ගම්වදින හින්දයි – පරිසර ඇමති

colombotoday

‘දෙමළ කතාකරන අයගේ හිත රිදෙනවා.. බෞද්ධ විහාර එපා‘ – නැගෙනහිර සභාවට යෝජනාවක්

colombotoday

කොකේන් ගිල ආ කෙන්යානුවෙක් කටුනායකදී මාට්ටු

colombotoday

ජනපති පෞද්ගලික සංචාරයකට සිංගප්පූරු යයි

colombotoday

ලංකාව ආසන්නයේ විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක් – සිදුවන භූ කම්පන දත්ත ලබා ගන්න උපකරණ පද්ධතියක් නෑ

colombotoday

ලංකාපුර කොරෝනා ආසදිතයා නිරෝධායනයට ලක් නොවූ අයෙක්.. ස්ථාන රැසකට ගමන් කරලා

colombotoday