World

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 9 ඉක්මවා යයි.

සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද (10)දින කෝටි 9 ඉක්මවා යමින් ආසාදිතයින් 90,077,450 ලෙස වාර්තා විය.

ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,934,813කි.

ලොව වැඩිම කොවිඩ් බලපෑමට ලක්ව ඇති අමෙරිකාවේ වෛරස ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් තිබේ.

මේ වන විට සතිපතා වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇති බව එරට වාර්තා පවසයි.

නිවාඩු සමයේ ජනතාවගේ හැසිරීම් රටාව මේ තත්ත්වයට හේතුවී ඇති බව සෞඛ්‍ය බලධාරීන්ගේ අදහසය.

අමෙරිකාවෙන් ගෙවුණු පැය 24 දීත් ආසාදිතයින් 249,519ක පිරිසක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,235කි.

මේ අතර, බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයා කොවිඩ් නයින්ටීන් එන්නත ලබාගත් බව බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයෙක් පවසයි.

වින්ඩ්සර් මාලිගයේදී, එහිම සේවය කරන වෛද්‍යවරයෙක් විසින් එන්නත ලබාදී ඇති බවත් සඳහන් වේ.

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙදන්යාහු කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන තිබේ.

ඊශ්‍රායලය කොවිඩ් එන්නත්කරණයේ ස්ථාවර ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර මාර්තු මාසය අවසන් වන විට සියලුම රටවැසියන්ට එන්නත ලබාදී අවසන් කරන බව අගමැතිවරයා පවසයි.

මේ අතර දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිතයන් සිව් දෙනෙක් එරටින් හඳුනාගෙන තිබුණි.

Related posts

දෙවන ලෝක යුධ සමරුවේ, රුසියානු යුධ බලය පෙන්වයි

colombotoday

ප්‍රමුඛතම අනතුර ඉස්ලාම් අන්තවාදයයි. | ජෛව විද්‍යාත්මක ප්‍රහාරයකට සූදානම් විය යුතුයි. | බ්‍රිතාන්‍ය හිටපු අගමැති බ්ලෙයාර් අනතුරු අඟවයි.

colombotoday

දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය සොයා ගනියි

Admin

මෙක්සිකෝවේ ප්‍රබල භුකම්පනයක්

Admin

ඔක්සිජන් හිඟයෙන් කොවිඩ් රෝගීන් 33ක් මරු දකී

colombotoday

ලෙබනනයේ පිපිරිමෙන් මියගිය ගණන ඉහළට.. ඩුබායි රාජ්‍යයේත් විශාල ගින්නක්

colombotoday