කල්පිටිය උච්චිමුනේ ආසන්න මුහුදේ දී කල්පිටිය විජය නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය යාත්රා දෙකේ කහ කිලෝ 8,750ක් පමණ වූ අතර, එහි වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න බව හඳුනාගනෙ ඇත.
මෙම කහ සමග ඉන්දීය ජාතිකයන් 12 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බැව් නාවුක හමුදාව පවසයි.
මෙම කහ තොගය ඇසුරුම් 173 ක අසුරා තිබී ඇත.
ඊයේ දිනයේදී මෙම කහ තොගය අත්අඩංගුවට ගෙන තිබිණි.
කහ තොගය සමග ඉන්දීය ජාතිකයින් 12 දෙනා,අද (10)දින අලුයම කටුනායක රේගු ප්රාදේශීය කාර්යාලය වෙත භාර දී ඇත.