Colombo Today Local News

පොල්ගෙඩි 1070 ක් සොරකම් කළ 13 හැවිරිදි සිසුවෙක් පොලිස් අත්අඩංගුවට

කුරුණෑගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ නිවාස දෙකකින් පොල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 13 හැවිරිදි පාසල් සිසුවෙකු ඇතුළු සැකකරුවන් හයදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සෙසු සැකකරුවන් ද අවුරුදු 22ට අඩු තරුණයන්.

කුරුණෑගල කුඩාගල්ලමුව ප්‍රදේශයේ නිවාස දෙකකින් පොල් ගෙඩි 1070ක් මෙලෙස සොරකම් කර ඇති බවයි පැවසෙන්නේ.
ඒවායේ වටිනාකම රුපියල් 71,000කට අධිකයි.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත සිදුකළ විමර්ශනයකදී සොරාගන්නා ලද පොල් තොගයෙන් කොටසක් සහ ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් කුඩා ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අතරින් 5 දෙනෙකු අවුරුදු 18, 21 සහ 22 යන වයස්වල පසුවන කුරුණෑගල කුඩාගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

අනෙක් සැකකරු 13 වියේ පසුවන පාසල් සිසුවෙකු ද වීම විශේෂත්වයක්.

සැකකරුවන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.

Related posts

මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ගැසට්ටුවක්

Admin

මහසෝන් බළකා ප්‍රධානියාගේ සුවදුක් බලන්න ඥාණසාර හිමි බන්ධනාගාරයට

colombotoday

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව හමුදා රැකවල් තවදුරටත්

Admin

නව අමාත්‍යවරු සිවුදෙනෙක් දිවුරුම් දෙති. මුදල් අමාත්‍යංශය අලි සබ්රිට

colombotoday

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් 118 ගේ නම් ජනාධිපති ලේකම් සඟවනවා – දයාසිරිගෙන් චෝදනා

colombotoday

ඉන්ධන කෝටාව ඉහළ දමන්නැයි ධීවරයෝ ඉල්ලති

Admin