29 C
Colombo
16 April 2025
Colombo Today Local News

විදෙස්ගත ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම නොමිලේ.

කිසිදු මුල්‍යමය බරක් නොමැතිව නැවත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අඛණ්ඩව පහසුකම් සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කර තිබේ.

සමාජ මාධ්‍යවල පළවන අසස්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, විදේශයන්හි පිහිටි ශ්‍රී ලාංකික දූත මණ්ඩලවල කාර්යභාරය නැවත පැමිණෙන්නන් මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සංවිධානය කිරීම සඳහා පමණක්ම සීමා වී ඇති බවය.

එලෙස පැමිණෙන පුද්ගලයින් නොමිලේ රජයේ පහසුකම් මත නිරෝධායනය කරනු ලබන බවත් මෙරටට පැමිණීමට නියමිත ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ලැයිස්තුවෙන් අවධානම් මට්ටම අනුව ප්‍රමුඛත්වය ලබා දී ආපසු ගෙන්වා ගැනීම සිදුකරන බවත් ජයනාත් කොළඹගේ මහතා පෙන්වාදෙයි.

දේශීය නිරෝධායන සහ වෛද්‍ය පහසුකම් සම්පූර්ණයෙන්ම භාවිත වී ඇති අවස්ථාවලදී එවැනි පහසුකම් මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාවක් ඇති අය සඳහා ගෙවීම් පදනමක් මත නැවත මෙරටට ගෙන්වා ගැනීම විකල්පයක් පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමත් සමගම සංචාරක ව්‍යාපාරයට ද අවස්ථාව ලබා දෙන බව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කළේය.

මේ අතර, ගුවන් තොටුපොළ විවෘත කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

Related posts

විමල්ගේ බෝම්බයෙන් පියසිරිගේ තනතුර ගැලවෙයි ?

colombotoday

අහෝ දුකකි! අපේ උරුමයට වෙන දේ මෙන්න… ගෝනවල පන්සලක බෝධියක් කිසියම් පිරිසක් කපා දමලා

colombotoday

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කරන්න සතියයි දෙන්නේ – දෙමළ සන්ධානය රජයට කියයි

colombotoday

මාව­නැල්ල ගල් කොරියේ පුපු­රන ද්‍රව්‍ය නැති­වීම ගැන 52කගෙන් ප්‍රකාශ අර­ගෙන

colombotoday

සජබ ජාතික ලැයිස්තුව නම් කරයි

Admin

මාලිමාව උතුරේ පක්ෂ සමඟ රහස් සාකච්ඡා

Admin