Colombo Today Local News

හෝමාගම මූලික රෝහලේ කොරෝනා මළසිරුරක් නරක් වෙලා… කාර්යමණ්ඩලයේ ජීවිත වලට දැඩි බලපෑමක්

කොරෝනා රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගනනාවක සිට කොරෝනා මළ සිරුරු 5ක් තැන්පත් ව තිබීමෙන් දැඩි සෞඛ්‍යමය ගැටලුවක් ඇති වී ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නදීරා දයාවංශ මහත්මිය පැවසුවාය.

තැන්පත්ව තිබෙන සියලුම මළ සිරුරු මුස්ලිම් ජාතික පිරිමි සහ ගැහැණු පුද්ගලයන්ගේ ය.

ඉන් මළසිරුරු හතරක් අධි ශීතකරණය තුළත් තවත් මළ සිරුරක් ඉන් පිටතත් තැන්පත්ව ඇතැයි වෛද්‍යතුමිය පැවසුවාය.

වෛරසය ආසාදිත මළ සිරුරු අධිශීතකරණය තුළ තැන්පත් ව තිබීමෙන් වෛරසය පැතිරීම ට හේතුවක් වී ඇතැයි වෛද්‍යවරිය කීය.

කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පැය 24 තුල ආදාහනය කිරීමට නියමිතව වුවද මුස්ලිම් ප්‍රජාව ආදාහනයට අකමැති වීම හා ඒ සඳහා පෙට්ටි ලබාදීමට අකමැත්ත පළ කිරීමත් මෙන්ම එම කටයුතු රජයෙන් සිදු කිරීමට අවශ්‍ය පෙට්ටි මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන නොවීමත් හේතුවෙන් මළ සිරුරු මෙයාකාරයෙන් දින ගණනාවක් තැන්පත්ව තිබීම සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දැඩි සෞඛ්‍ය ගැටලුවක් බව අධිකරණ වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

හෝමාගම මූලික රෝහලේ ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ගයාන් චමින්ද මහතා මෙසේ පැවසීය,

මෙම තත්ත්වය කාර්යමණ්ඩලයේ ජීවිත වලට දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා.

දින ගනනාවක සිට ශීතකරණයෙන් පිට තිබෙන මළ සිරුර දැඩි ලෙස නරක් වීමෙන් දැඩි දුර්ගන්ධයක් පවතිනවා.

අවදානමක් පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතුයි.

Related posts

අශෝක් ස්ටීල් සහ ආර්.එස් ස්ටීල් බාල කම්බි නිසා පාරිභෝගික අධිකාරිය අසල නොසන්සුන් වෙයි

colombotoday

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන්වලින් වළකින්න ජනපති දැනුම් දෙයි

Admin

“මෛත්‍රී ජනපති වුවත් ජනතාව මහින්ද සමගයි, ශ්‍රීලනිපයේ නායකත්වය මහින්දට දිය යුතුයි” – කුමාර වෙල්ගම

colombotoday

අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍යයි. හදිසි නීතිය ඊට උදව් නොවේ – ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ අවධානය ශ්‍රී ලංකාවට

colombotoday

‘සංහිදියාවේ නාළිකාව‘ ජනවාරියේ උතුරෙන් වැඩ අරඹයි !

colombotoday

ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන්ද? බැරිද? – නීතිය මෙන්න

colombotoday