Colombo Today Local News

විදේශිකයින් හරහා රට තුළට වෛරසයේ විවිධ ප්‍රභේද ඇතුළුවීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය කියයි

විදේශිකයින් හරහා රට තුළට වෛරසයේ විවිධ ප්‍රභේද ඇතුළුවීමේ අවදානමක් පවතින බැවින් විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කළයුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ එම කරුණු අකුරටම පිළිපැදීම ඉතා වැදගත් බවය.

“ඒ සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් සංචාරක මණ්ඩලයත් එකතු වෙලා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කරලා තියෙනවා. ඒ මාර්ගෝපදේශවලට අනුගත වෙමින් එම කරුණු අකුරටම පිළිපැදීම ඉතාම වැදගත්,” යනුවෙන් ද එහිදී පෙන්වා දුනි.

මේ අතර යුක්‍රේනයේ සිට සිව්වන සංචාරකයින් කණ්ඩායම රැගත් ගුවන් යානය ද අද (04)දින දිවයිනට පැමිණීමට නියමිතය.

මත්තල ගුවන්තොටුපොළට එම ගුවන්යානය ළඟාවීමට නියමිතව ඇත.

මේ දක්වා යුක්‍රේන ජාතික සංචාරකයින් 563 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

Related posts

රනිල් හා දිනේෂ් රහස් පොලිසියට

Admin

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: ප්‍රකාශයක් ලබා දීමට සංගක්කාර පැමිණේ

colombotoday

“දෙවියන් වහන්සේ එපා කීවත්, උතුරෙන් හමුදාව ඉවත්කළ යුතුයි” – TNA

colombotoday

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin

ජනාධිපතිවරණයට ජවිපෙන් පොදු අපෙක්ෂකයෙක්…

colombotoday

ද්‍රවිඩ සන්ධාන බලපෑමට ඉරණමඩු හමුදා කදවුර ඉවත් කෙරේ !

colombotoday