Colombo Today Local News

මහර ගැටුම – විමර්ශන කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුවේ අවසන් වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට භාර දී තිබේ.

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි ෂබ්රි මහතා විසින් කමිටුවක් පත්කරනු ලැබීය.

එහි සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත් කළාය.

ඊට අමතරව ජනාධිපති නීතීඥ යූ.ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ, හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර එහි සෙසු සාමාජිකයින් වේ.

බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවේ කාර්යය භාරය විය.

Related posts

රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් ඉවත්විය යුතුයි – අනුර කුමාර දිසානායක

colombotoday

රාජිත සේනාරත්නත් ගෙදර ?

colombotoday

ආසාදිතයන් වැඩි වුවහොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් බවට පත්කර ප්‍රතිකාර කරනවා – යුධ හමුදාපති

colombotoday

මැතිසබය අද 10ට රැස්වෙයි

colombotoday

හිජාස් හිස්බුල්ලා තවත් දින 90ක් රඳවා ගැනීමට අනුමැතිය.

colombotoday

ජනාධිපති ඝාතනයට බෝම්බ ඇටවූ අයෙක් නිදහස්

colombotoday