Colombo Today Local News

යුක්‍රේනයේ තවත් සංචාරකයින් පිරිසක් දිවයිනට

යුක්‍රේනයේ සිට සංචාරකයින් පිරිසක් රැගත් තවත් ගුවන් යානයක් අද (29)දින දිවයිනට පැමිණ තිබේ.

සංචාරකයින් 204 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකු රැගත් එම යානය යුක්‍රේනයේ කිව් නුවර සිට අද දහවල් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තා වේ.

ඊයේ (28) දිනයේදී යුක්‍රේනයේ සිට සංචාරකයින් 180 දෙනෙකු මෙරටට පැමිණි අතර ඔවුන් සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

කොග්ගල හා බෙන්තොට ප්‍රදේශවල පිහිටි හෝටල්වල රැඳීසිටින එම සංචාරකයින් තවත් පී.සී.ආර් පරීක්ෂණයකට යොමුකිරීමට නියමිත බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර‍ විදෙස්ගත ශ්‍රමිකයින් හා සංචාරකයින් වැඩි වශයෙන් ඉදිරියේ දී ගෙන්වා ගැනීම සඳහා කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමේ දෛනික පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සහ සංචාරකයින් සඳහා පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 3000 බැගින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

ඉන්දියාව ශිවාජිලිංගම්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි

colombotoday

දැයම එක රොදකට බොදු බල සේනා මහනුවර රැලියේදී ඉදිරිපත් කෙරුණු යෝජනා මෙන්න

colombotoday

සමහර විට නිල නිවෙසක් උවමනා වෙයි-මාලිමා මංත්‍රිනී

Admin

ලාබ බෝතලේට කොක්කක්

Admin

“අගමැතිට ඕන විදිට ETCA අත්සන් කරන්න දෙන්නෑ“ – ශ්‍රීලනිපය නිළ විරෝධය දක්වයි

colombotoday

ඒකාබද්ධයේ ජනබලය ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

colombotoday