Colombo Today Local News

මැතිසබේ අදත් ගිණියම්… ගුටි කෙලියකට ඔන්න මෙන්න… සභාව කල් තබයි

parliment256

විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට පහරදීමට තැත්කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගැණිනි.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම උණුසුම් තත්ත්වය වර්ධනය වී ඇති අතර මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10ට කල්තැබීමට පියවර ගෙන ඇත.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා තාජුඩීන් සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග විපක්ෂ මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් එය අධිකරණයේ යන නඩු කටයුත්තක් බැවින් ඊට විරෝධය පළ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය වර්ධනය විය.

මේ අතර ඇති වූ උණුසුම් වාතාවරණයෙන් පසුව යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කළද නැවතත් ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ දෙවන වතාවටත් පාර්ලිමේන්තුව ටික වේලාවකට කල්තැබීමට මූලාසනය විසින් පියවර ගෙන ඇත.

Related posts

තොටිල්ලක ගෙල සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ජනපතිගෙන් ඉල්ලීමක් !

colombotoday

සහකාර පොලිස් අධිකාරිවරු 33කට මාරු වීම්

Admin

“යුද්ධයත් එක්ක රට සංවර්ධනය කල විදිහ මෙයාලට අදහගන්නත් බෑ.. දැන් කියන කතාවලට මට හිනා” – මහින්ද

colombotoday

උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

විශ්වාස භංග යෝජනාව විහිළුවක් – අමාත්‍ය උදය ගම්මන්පිල

colombotoday