Colombo Today Local News

අයිය-මලෝ- බිරින්දෑවරු මන්නා-කතුරුවලින් ඇනකොටා ගෙන..

සිය අයියාගේ බිරිඳට කතුරෙන් ඇණ, අයියා මන්නයෙන් කපා තුවාල සිදුකළ මල්ලී, නෑනා, නැන්දම්මා යන තිදෙනෙකු ඇතුළු තවත් සැකකාරයන් තිදෙනකු අද(28)දින පාන්දර පහරදීම සිදු කල මන්නයද සමග තෙලවලදී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.

මෙකී පහරදීමට සැකපිට අත්අඩංගුවට ගත් පිරිස අතර ඉකුත් සතියේ බන්ධනාගාර වල ඇති වූ කොරෝනා තදබදය හේතුවෙන් රජය ලබාදුන් සහනය මත නිදහස් වී පැමිණි සැකකරුවෙකුද සිටින බව පොලිසිය පැවසීය.

හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇති මෙම සැකකරු බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ සතියක් බව පොලිසිය පවසයි. බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි අයෙකු හා එක්ව සංවිධානාත්මකව සිදුකල පහරදීම හේතුවෙන් මෙම සැකකරුවන් සංවිධානාත්මකව තවත් අපරාධ සිදු කර ඇති දැයි පරීක්ෂණ පවත්වන ලෙස ගල්කිස්ස ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගෙන් අඟුලාන පොලිසියට උපදෙස් ලැබී ඇති බව පොලිසිය පවසයි.

ඉඩම් ආරවුල් මුල් කරගෙන මෙම සිද්ධිය ඇතිවී තිබේ.

අදාළ පහර කෑමට ලක් වූ පුද්ගලයා සහ පහරදීම සිදුකළ සොහොයුරා එකම නිවසේ කාමර දෙකක දිවි ගෙවා ඇති අතර මොවුන් අතර එකී නිවසට අයිතිවාසිකම් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන් වලදී ආරවුල් ඇති වී ඇති බව පොලිසිය පවසයි.මෙවරද අදාළ සොහොයුරන් දෙදෙනාගේ බිරින්දෑවරු අතර මුලින්ම කතුරකින් පහර දීමේ සිද්ධියක් ඇති වී ඇති අතර පහරකෑමට ලක්වූ කාන්තාව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට යොමු කර පැමිණිල්ල විභාග කරමින් සිටියදී අදාල බාල සොහොයුරා විසින් වැඩිමහල් සොයුරාට ද මන්න පහරක් එල්ල කර ඇති බව පොලීසිය පැවසී ය.

මේ වන විට දෙදරු පියෙකු සහ මවක වන මෙම අඹුසැමියන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ 27 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.මෙම පහරදීම සඳහා බාල සොහොයුරා විසින් පිටස්තර පුද්ගලයන් තිදෙනකු සහ බිරිඳගේ මව ද සම්බන්ධ කොට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම ආරවුල ඇතිවූ බව සඳහන් කරන නිවස පිහිටි සයුරැපුර නිවාස සංකීර්ණය මාසයකට ආසන්න කාලයක් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් හුදෙකලා ප්‍රදේශයක් ලෙස දීර්ඝ කාලයක් වෙන් කොට තැබු කලාපයක් බව පොලිසිය පැවසීය.ආරවුල සඳහා සම්බන්ධ වූ බව කියන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී කොරෝනා නීතිරීතිවලට අනුව කටයුතු කරමින් වැටලීම සිදු කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවද පොලිසිය පැවැසීය.

පහරදීමෙන් පසු පොලිසිය මඟ හරිමින් සිටි මෙම සැකකරුවන් ගල්කිස්ස තෙලවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලීසිය පැවසී ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා සහ සැකකාරිය අද දින මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් කරන පොලිසිය පහරකෑමට ලක්වූ අඹු සැමි යුවල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ද වැඩිදුරටත් පැවසීය.

Related posts

රෑට රෑට හොරෙන් හදන කළුබෝවිල මුස්ලිම් පල්ලිය ගැන කීවාට එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් පොලීසි යයි !

colombotoday

සාරි පොටේ හුටපටේ.. මහ ඇමති නිදොස්.. වරද අධ්‍යාපන ලේකම්ගේ ! (Video)

colombotoday

මාර්ගයක් අසල නාඳුනන මළ සිරුරක්

Admin

ජනපති වැය ශීර්ෂය පරාජය කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීන්ගේ තීරණයක්

colombotoday

වීර මඩුගල්ලේ 199 වන ගුණානුස්මණ වෙනුවෙන් වීර මඩුගල්ලේ පිළිරුව නිරාවරණය කෙරේ

colombotoday

ඉස්ලාම් හැර අනෙකුත් ආගමිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පකිස්ථානය අපොහොසත් වී ඇත | ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සීලය

colombotoday