Colombo Today Local News

යුක්රේනයෙන් ගෙන් වූ කුණු කන්ටේනර් ගැන විද්‍යාත්මක පරීක්ෂණයක්

යුක්රේනයෙන් ගෙන්වන ලද අපද්‍රව්‍ය බහලුම්වල අඩංගු ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක පරීක්ෂණයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ, අදාළ බහලුම් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවය.

මේ අතර පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, අදාළ බහාලුම් සම්බන්ධව යුක්රේනයේ පරිසර අධිකාරියට දැනුම්දීමට හැකියාව පවතින බවය.

බාසල් සම්මුතියට අනුව කෘෂි අපද්‍රව්‍ය එක් රටකින් වෙනත් රටකට අපනයනය කිරීම සපුරා තහනම් කර තිබෙන අතර ශ්‍රී ලංකාව ද එම සම්මුතියට අත්සන් තබන ලද රටකි.

Related posts

ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක්

Admin

ශ්‍රී ලංකා පාස්පෝට් එකත් බාල්දු වේ.. ආසියාවේ වටිනාකමක් නැතිම රටවල් අතරින් දෙවන තැනට

colombotoday

“ජාතිවාදී ප*යිනි.. පු* පහින් ගහල කියන්නේ, නතර වෙයව්.. මුසල්මානු මිතුරනි සමාවෙන්න” – බුකියේ දීපු ටෝකෙන් සන්නස්ගල සම්බල් වෙයි

colombotoday

කුරුණෑගල නගරාධිපති සමග කේක් කැපූ පිරිස නිරෝධායනයට

colombotoday

මධ්‍යම සභාවේ බල පෙරළියක්.. ඇමතිකමෙන් ඉල්ලා අස්වූ ප්‍රමිත 11ක් සමග ස්වාධීන වෙයි

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුවූ ඕනෑම අපරාධයක් ගැන විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමට විශේෂ කණ්ඩායමක්

colombotoday