Colombo Today Local News

ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට ඇමති ප්‍රසන්න තීරණය කරයි

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා තීරණය කර ඇත.

සංචාරක අමාත්‍ය කාර්යාලය මෙතෙක් පිහිටියේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 25 වන මහලේ වන අතර ඊට විශාල මුදලක් වැයවීම හා ජනතාවගේ පහසුව සලකා මෙම තීරණයට එළැඹි බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙතෙක් රක්ෂණ මන්දිරයේ පිහිටි සංචාරක අමාත්‍යංශය ලබන වසරේ මුල් කාර්තුවේ සිට අලුතින් පිහිට වූ කොළඹ 01,යෝර්ක් වීදිය 51-ඊ පිහිටි ඇසෙට් ආකේඩ් ගොඩනැගිල්ලටම රැගෙන යන අතර ඒ අනුව සිය අමාත්‍ය කාර්යාලය ද එම ගොඩනැගිල්ලට ගෙනයාමට තිරණය කල බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ අමාත්‍යංශය එක තැනකත් අමාත්‍ය කාර්යාලය තවත් තැනකත් පැවතීම නිසා ජනතාවට දුෂ්කරතාවයන්ට පත්වීමට සිදුවන බැවින් ජනතා සේවය වඩාත් කාර්යක්ෂම ඉටුකිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියේය.

කඩිනමින් එම ස්ථානයට සිය කාර්යාලය ගෙනයාමට අවශ්‍ය වුවද ඉඩකඩ පිළිබඳ පශ්නයක් නිසා තව මාස කීපයක් ඒ සඳහා ගතවිය හැකි බවද ඔහු කීවේය.

ජනතාවාදී අමාත්‍යංශයක් ලෙස සංචාරක අමාත්‍යංශය ජනතාව අතරට ගෙනයාමත් හොඳම අමාත්‍යංශ වලින් එකක් ලෙස සංචාරක අමාත්‍යංශය ඉහලට ගෙන ඒමත් සිය අපේක්ෂාව බව ඔහු එහිදී කීවේය.

කොවිඩ් 19 වසංගත තත්වයත් සමඟ බිඳ වැටී ඇති සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්වයට පත් කිරීමේදී සංචාරක අමාත්‍යංශයට සුවිශාල වගකීමක් ඇති බවත් , 2025 වන විට ලංකාවට විදේශ විනිමය ගෙනෙන ප්‍රධානතම කර්මාන්තය බවට සංචාරක කර්මාන්තය පත් කිරීම රජයේ අපේක්ෂාව යැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

දින 12ක් තුළ නිරෝධායන නීති කැඩූ 158ක් අත්අඩංගුවට

colombotoday

අගවිනිසුරු පත්වී ඇත්තේ එජාපයේ උවමනවටයි – ඒ පිටුපස රාජ්‍ය නොවන සංවිධාන

colombotoday

කුඩා සුනඛයාට පහරදුන් සැකකරු අත්අඩංගුවේ

colombotoday

රුපියල ඉහළ යෑමෙන් පමණක්ම ආර්ථිකයේ සියලුම දේවල් විග්‍රහ කරන්න බැහැ – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

Admin

ඕමානයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

රනිල් එලවන්න නුවර සිට පාගමන් ආ මෛත්‍රී ගුණරත්න කුරුදු පොලු තොගයක් සහ ගිනිඅවි සමග අත්අඩංගුවට

colombotoday