Covid 19

ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිට කොවිඩ්

තලවකැලේ, ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට හඳුනාගෙන ඇතැයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.
 
ආගරපතන, ඇල්බියන් වත්තේ තෝන්ෆීල්ඩ් කොටසේ මංගල උත්සවයකට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට මීට පෙර හඳුනාගෙන ඇති අතර එම මංගල උත්සවයට  මෙම සභාපතිවරයාද සහභාගිවී තිබිණි. මේ හේතුවෙන් ඔහුට කරන ලද  පී. සී. ආර්. පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතව ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබේ.
 
මෙම සභාපතිවරයා මැති ඇමැතිවරු හා ප්‍රාදේශීය දේශපාලඥයන් සහභාගි වු ප්‍රධාන දේශපාලන රැස්වීම් කීපයකටද ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, සභාපතිවරයා පසුගිය දිනවල ගොස් ඇති ස්ථාන හා සමීප සබඳතා පැවැත් වු පිරිස් සොයා විශේෂ විමර්ශනයක් මේ වනවිට සිදු කරමින් පවතින බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.
 
කොවිඩ් ආසාදිත සභාපතිවරයා කොව්ඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට අද  (21) පියවර ගෙන ඇති බවද ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

කොල්ලුපිටියේ රෝහලකින් පැන ගිය කොවිඩ් ආසාදිතයකු සෙවීමට පොලීසිය මහජන සහාය පතයි

colombotoday

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනාගැනේ

colombotoday

නව කොරෝනා ආසධිතයින් දෙදෙනෙක් හඳුනා ගැනේ – මෙරටින් හඳුනාගත් රෝගීන් ප්‍රමාණය 104 දක්වා ඉහලට

colombotoday

අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් දින 18ක් තුළ මරණ 337ක්

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු එන්නත් තොගය ලංකාවට

colombotoday