Colombo Today Local News

නිරෝධායනය මගහැර බස් රථයකින් පළා ගිය වනාතමුල්ලේ අයෙකු මත්තලදී අල්ලයි

හුදෙකලා කරන ලද වනාතමුල්ල ග්‍රාමසේවා වසමේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයකු රැගත් බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිටවීමේ පර්යන්තයේදී ඊයේ පොලිස් භාරයට ගෙන තිබේ.

බොරැල්ල ප්‍රදේශයේ පිරිසක් නිරෝධායන රීතින් උල්ලංඝණය කරමින් අධිවේගි මාර්ගයේ ගමන් කරන බවට පොලීසියට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වී මෙම බස් රථය පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ බොරැල්ල, ෆර්ගියුසන් පාර සහ ඒ ආසන්න ප්‍රදේශවල පිරිසක් ද බස් රථයේ සිට ඇති බවය.

හුදෙකලා කරන ලද ප්‍රදේශයක පුද්ගලයෙකු අනවසරයෙන් රැගෙන යාම නිසා එම බස් රථය පසුව බොරැල්ල පොලීසිය වෙත මත්තල සිට රැගෙන විත් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

බස් රථයේ සිටි මගීන් 51 දෙනෙකු මේ වනවිට බොරැල්ල ප්‍රදේශයේ නිරෝධායනයට යොමු කර තිබෙන අතර ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතය.

හුදෙකලා කරන ලද ප්‍රදේශයක පුද්ගලයෙකු අනවසරයෙන් රැගෙන යාමේ චෝදනා මත එම බස් රථයේ රියැදුරු, සහායකට සහ අයිතිකරුට එරෙහිව නඩු පවරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මීට අමතරව හුදෙකලා කරන ලද ප්‍රදේශයේ සිටි පුද්ගලයාට එරෙහිව ද නඩු පවරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

කොරෝනා මරණ භූමිදානය ඉතා අවදානම් | සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත පෙන්වා දෙයි

colombotoday

“පරාජිත ‍සේනාරත්න කියන්නෙ කප්පං ගත්ත එකෙක්” – ඇවන්ගාඩ් සභාපති හෙළිකරයි (Video)

colombotoday

අද උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක – අව් රශ්මියෙන් වැළකෙන්න සෞඛ්‍ය අංශ දැනුම්දෙයි.

Admin

ජවිපෙ දෙමළ සන්ධානය සමග ෆෙඩරල් මාවතේ..! යාපනේදී ඒක්වී මැයි දිනය සමරයි…!

colombotoday

මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුවෙන් මහින්දට සංදේශයක්

colombotoday

මැති ඇමතිවරුන්ගෙන් වතුර බිලට මිලියන 16 ක පොල්ලු තියලා

colombotoday