World

වායු දූෂණය හේතුවෙන් ලොව සිදුවූ පළමු මරණය ?

9 හැවිරිදි “එල්ලා කිසි-දෙබ්‍රා” එංගලන්තයේ ජනාකීර්ණ ලන්ඩන් නගරයේ ජීවත් විණි. නමුත් ඇය 2013 පෙබරවාරි මාසයේ දී අවාසනාවන්ත ලෙස මියගියාය.

වායු දූෂණය ඇයගේ “මරණයට හේතුව” ලෙස මරණ පරීක්ෂකවරයා සඳහන් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ “මරණයට හේතුව” වායු දූෂණය ලෙස සඳහන් වූ ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවය.

ඇය පදිංචිව සිටි ගිනිකොණ ලන්ඩන් ප්‍රදේශය ඔස්සේ වැටී ඇති “දකුණු වටරවුම්” මාර්ගය එක්සත් රාජධානියේ වාහන බහුල ම මාර්ගයකි.

ඇයට හෘදයාබාධයක් ඇතිවී තිබුණු අතර ඇයව නැවත යථා තත්ත්වය ට පත්කිරීමට වෛද්‍යවරු අසමත්විණි. ඇයගේ මරණයට අදාළ වාර්තාව නිකුත් වී තිබුණේ බදාදා (16)දින ය.

ඇය මියයෑමට පෙර වසර 3ක් පමණ දරුණු ලෙස ඇදුම රෝගයෙන් පීඩා විඳ ඇති බව සඳහන් වේ. වරින් වර ඇතිවූ හෘදයාබාධ සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් නිතරම ඇයව හදිසි ප්‍රතිකාර සඳහා රෝහල්ගත වී තිබුණි.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර ශ්වසන අපහසුතාව, දරුණු ඇදුම සහ වායු දූෂණයට නිරාවරණය වීමය.

මරණ පරීක්ෂකවරයාගේ නිගමනය වුයේ “එල්ලා කිසි-දෙබ්‍රා” මියගොස් ඇත්තේ ඇදුමෙන් බවත් ඊට හේතුවී ඇත්තේ වායු දූෂණයට නිරාවරණය වීම බවය.

Related posts

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගනී

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

colombotoday

ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් ලෝක බලවතා නොවෙයි. – බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්

colombotoday

“ඉස්ලාම් අන්තවාදීන් දෙවියන්වහන්සේටත් අපහාස කරනවා” – ෆ්‍රැන්සිස් පාප් තුමා

colombotoday

අධික උණුසුමින් කැනඩාවේ ලිටන් ගම්මානය ගිනිබත් වෙයි

colombotoday

හිටපු ආර්ථික කටයුතු ඇමතිවරයා හොර රහසේම තලේබාන් නායකයා හමුවෙලා !!

colombotoday