Colombo Today Local News

ලංකා සතොස වාහන අවභාවත කිරීම | රිෂාඩ්ගේ පක්ෂයේ හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් අත්අඩංගුවට

යහපාලන ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවත කිරීමේ චෝදනාව මත ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු මන්ත්‍රීවරයාව ඊයේ (14)දින රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇත.

එම චෝදනාව සම්බන්ධයෙන් මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ රාත්‍රියේ පුද්ගලයින් දෙදෙනෙක් ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම 2015ත් 2019ත් අතර කාලය තුළ මෙම අවභාවිතයන් සිදුව ඇති බවට වාර්තා වෙනවා. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස කටයුතු කර ඇති අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් නමැති අය සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්ලාම් නමැති අයෙකි. විශේෂයෙන්ම ලංකා සතොස ආයතනයට අනුයුක්තව තිබූ වාහන කිහිපයක් අවභාවිත කිරීම සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ඇත්තේ. හිටපු මන්ත්‍රීවරයා ඔහුගේ නිවස පිහිටි කින්නියා ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබෙනවා” යනුවෙන් ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මහතාගේ දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු බවද වාර්තා වේ.

Related posts

වැඩි මිලට සහල් අලෙවි කළහොත් දඩය ලක්ෂ 50යි… මාස හයක් හිරේ

colombotoday

සහරාන්ගේ වාහනේ භාවිතා කරන්නේ හිටපු පොලිස් ඇමති – බීබීසී මාධ්‍යවේදියාගේ අනාවරණයට ඇමතිගෙන් උත්තර

colombotoday

විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපොළේ විශේෂ කවුළු ඇරෙයි

Admin

විහාරස්ථාන හදන්න විශේෂ ගිණුමක්.. ගෝඨා මෙතෙක් නොකී රහසක් හෙළි කරයි

colombotoday

අරුම පුදුම බදු ගිවිසුමක්… කෘෂිකර්මේ බිල්ඩිමට එන අවුරුද්දටත් කොටි 33ක් කුලී ගෙවලා !

colombotoday

ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන ලොක්කාගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

Admin