Colombo Today Local News

බේකරි නිෂ්පාදනවල මිල ඉහළට ?

නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් ලබන වසරේ සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, ආනයනික මාගරින් සඳහා මෙතෙක් පැවති රුපියල් 200 ක බද්ධ රජය විසින් රුපියල් 600 දක්වා ඉහළ නංවා ඇති බවය.

මේ හේතුවෙන් බේකරි නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති අතර පවතින ගැටලුව පිළිබද බලධාරීන් දැනුම්වත් කරන බව එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේය.

“මාස 6කට පෙර ලංකාවේ මාගරින් කිලෝවක් 200ක බද්ධ රුපියල් 600 දක්වා වැඩි කරා. බද්ධ වැඩි කළා කියන්නේ මාගරින් ලංකාවට ගෙන්වීම තහනම් කරා හා සමානයි. මේ තීරණය ගත්තේ ලංකාවේ තියෙන නිෂ්පාදකයින්ගේ ඉල්ලීම මත තමයි ගන්න ඇත්තේ. ලංකාවේ මේක දියුණු කරන්න ඕනේ කියලා තමයි අපිට කිව්වේ. දැන් අපිට ආරංචි හැටියට ජනවාරිවල තවත් වැඩිවෙනවා. මේකේ අහිතකරම ප්‍රතිඵලය තමයි, මාගරින්වලට අමතරව බේකරිවලට ඒ වගේම අවශ්‍ය වෙනවා මේදය. නමුත් ඒකේ රුපියල් 600 මාස 6කට අත්හිටවු නිසා මෙච්චරකල් ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් මේ දෙසැම්බර් මාස 20 න් පස්සේ මාස 6 අවසන් වෙනවා. පිටරටින් ආනයනය කිරීම මේ වන විට නවත්වලා තියෙන්නේ. බදු ගහයි කියලා බයට. මේ පිළිබඳ යම් විසඳුමකට එන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. එහෙම නොවුනොත් බේකරි නිෂ්පාදනවල මිල ලබන වසරේ අනිවාර්යෙන් ඉහළ දැමීමට සිදුවෙනවා.“

Related posts

රාජකීය සිසුවෙකුට මාරාන්තික ප්‍රහාරයක්. ශාන්ත තෝමස් විදුහල මැරයාගේ තොරතුරු නොදෙයි

colombotoday

විද්‍යාත්මක ඇමති මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දෙයි

colombotoday

ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

colombotoday

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති උපදෙස්

colombotoday

සම්බන්දන්, ජෝන්, එරාන්, අග රදගුරු සමගින් ජනපති නත්තල් සමරයි

colombotoday

ජනපතිගේ හපන්කමක් නිසා බිලියන 4.7ක් රටට පාඩුවෙලා

colombotoday