Colombo Today Local News

පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීමට කටයුතු කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් ලබා දී තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා අග්‍රාමාත්‍යවරයා අතර අද (11)දින පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

පැරණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදුකළ යුතු බව මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ පැවසූහ.

ඒ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම වඩා පහසු බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවසූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් තමන් ඒ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ නිමල් ජී පුංචිහේවා, ඇතුළු කොමිසමේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Related posts

කොළඹ අහසින් යන්න ගාස්තු වැඩි වෙයි

Admin

“හොරුන්ට හොරු කියනකොට තරහ යනව, මුන් හොරු තමයි” – ඇමති ඩිලාන් උඩ පැන පැන එජාපයට තලයි

colombotoday

අලුත් වගකීමකට බැසිල් හා හකීම් එක්වෙයි

colombotoday

අයවැයෙන් පසු ඇමැති මණ්‌ඩලය විද්‍යානුකූලව යළි අනයි ?

colombotoday

පෙත්සම් ගැන තීරණයක් දෙන තුරු මන්ත්‍රී ධුරයේ හෝ ඇමති ධුරයක දිවුරුම් දෙන්නේ නැහැ – ධම්මික පෙරේරා

colombotoday

මෝටර් රථයක් ප්‍රපාතයකට තල්ලු කර සිව් දෙනෙක් පැනගිහින්

colombotoday