Colombo Today Local News

PCR පරීක්ෂණ සිදු කළ හැකි අධිතාක්ෂණික රසායනාගාර 5 ක්

PCR පරීක්ෂණ සිදු කළ හැකි තවත් අධිතාක්ෂණික රසායනාගාර 5 ක් ස්ථාපනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ති‌‌‌බේ.

කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඉන් රසායනාගාර දෙකක් ස්ථාපනය කරන බවයි.

කළුතර, කෑගල්ල සහ කුරුණෑගල රෝහල්වල අනෙක් රසායනාගාර ස්ථාපනය කරන බව ඔහු සඳහන් කළේ ය.

ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ , අදාළ අධිතාක්ෂණික රසායනාගාර සඳහා අවශ්‍ය උපකරණ කට්ටල ලබාදෙන්නැයි එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා පිළිබඳ කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

ඉදිරි මාස දෙක තුළ එම කට්ටල ලැබෙනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මෙරට පවතින PCR පරීක්ෂණ කළ හැකි මට්ටමේ රසායනාගාර සංඛ්‍යාව 20 කි.

Related posts

විදුලිබල සැපයුම,ඛණිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

Admin

ජයන්ත විජේසේකර විමල්ව අතහරී.. මෛත්‍රීට එක්වෙයි

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID නොයයි…

colombotoday

“ඉන්ධන හිඟයක් නිසා විදුලි ප්‍රශ්නයක් ඇති වීමට කිසිම හේතුවක් නැහැ.”

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා වව්නියාවේ උද්ඝෝෂණ…

colombotoday

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday